9 කොටස ❄️🌷

33 7 0
                                    


" ඉවරායීඊඊඊඊ "

හම්මෝ හරියටම හවස පහයි.. අපි හට් හතරයි ස්ටේජ් එකයි කොට්ටපොර ගහන තැනයි ඔක්කොම හදලා අවුරුදු උත්සවේ ප්ලේස් එක ලස්සන කොරා... යකෝ ඇග තලලා දාල වගේ. අපි හැමෝම ග්‍රවුන්ඩ් එක මැද ඉදගත්තා.. කෙල්ලො තුන් දෙනත් ලොකුවට උදවු කරේ නැති උනාට පොඩි පොඩි දේවල් වලට උන් උදවු කරා.

" හම්මෝ සීතලයි වගේ නේ බන් මේ වහීද ?"

" මන් නම් හිතන්නෙ නෑ "

කේතකී කිව්වා.. ඔව් අහස පැහැදිලි හවස නිසා අහස තැඹිලි පාටට හුරු දම් පාටක් තිබුණා.. හරිම ලස්සනයි අහස.. ඒත් අපිට දැන්ම ගෙදර යන්න බෑ තව එක වැඩක් තියෙනවා.. ග්‍රවුන්ඩ් එක වටේ මායිමට කොඩි ගහන්න ඕනේ.. කණු ටික නම් ගහලා තියෙන්නෙ කොඩි ටික තමා කපන්න ඕනේ.. කෙල්ලො ටිකට ඒක අමතක වෙලා.. ඉතින් අපි දැන් ඒක කපන්න ගත්තා..

" කම්මැලි බන් "

ෆරුකයා ඉටිකොල කපන එක පැත්තක තියලා කිව්වා.. කම්මැලි නම් තමා ඉතින් මේක ඉවර කරන්න එපැයි..

" සයාශ් සින්දුවක් කියපම්කෝ "

අන්න ඒක හොද අදහස- ඈ මොකා කිව්ව මන් සින්දුවක් කියන්න. පිස්සු හැදෙයි අනේ මේ නිකම් ඉදපම් ෆරුක් මට බෑ.. මන් සින්දු කිව්වෙ අන්තිමට දහය වසරෙද කොහෙද ආයෙ සින්දු කියලම නෑ..

" බැ බැ මන් ලගදි සින්දු කියලත් නෑ.. "

" අයියට සින්දු කියන්නත් පුලුවන්ද ?"

කේතකී ඇස් දෙකත් බෝල කරන් මගෙන් ඇහුවා.. ඔව් යකෝ පුලුවන් ඒත් දැන් බෑ.. මට ලැජ්ජයි!!!!!!

" අනේ අනේ මේ සයාශ් පච හලන්නැතුව සින්දුවක් කියපන් "

අනේ මූ එක්ක බෑ එක්කො කියනවා මුන් ඉස්සරහා චා වෙන්නත් බෑ.. මොකද්ද කියන සින්දුව.. අහ්හ් නෙත් මානෙම ලස්සනයි.. ඇත්තටම ඒ සින්දුවේ ලිරික්ස් වලට මම ආසයි... ඕක අහනකොට අපේ තාත්තා අහනවා උබ ගෑණියෙක්ගෙන් බූටක්වත් කෑවද කියලා.. ඇයි බූටක් කාපු එවුන්ට විතරද ඒ වගේ සින්දු අහන්න පුලුවන්. ඒ සින්දුවේ ලිරික්ස් අපි වගේ සින්ගල් එවුන්ට ගැලපුනේ නැති උනත් සින්දුව කියන එකාගෙ කටහඩ මරු.. ඒකයි ඉතින් අපි ඒ සින්දු අහන්නෙ හුම්ම්..

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now