6 කොටස ❄️🌷

49 8 0
                                    


" බුදු අම්මෝ.. අනේ අංකල් පොඩ්ඩක් හෙමීට යමු ලොකු හදිස්සියක් නෑ.. අපායට නෙවෙ යන්න ඕනේ "

අපි රාජලගේ ගෙදර ගියේ බස් එකේ.. ඒත් එන්න කලින් අයාන් මල්ලිව ඉස්කෝලෙන් ගන්න ආපු බීඑම්ඩබ්ලිව් එකේ ඩ්‍රයිවර්ට අයාන් මල්ලි වැන්දේ නැති ටික විතරයි බස් එකේ යන්න අවසර ගන්න.. කොහොමහරි ඩ්‍රයිවර්ට ටෝකක් දීලා අයාන් මල්ලි ආව අපිත් එක්ක යන්න.. මන් කිව්වනෙ පෝසත් කද නිසා එන්න දෙන්නැති වෙයි කියලා.. ඉස්කෝලෙ ඉස්සරහම නවත්තලා තිබුණ බස් එකේ කෙල්ලො තුනයි කොල්ලො හතරයි එල්ලුනා.. බස් එකේ ගොඩක් සෙනග හිටියේ නෑ.. බස්කාරයා ඇරලා තියලා යනවා නිකම් උගේ පාර වගේ.. කපනවා වංගු කැපිල්ලක්.. බස් එක එහෙට කපනකොට අපි එහෙට විසික් වෙනවා මෙහෙට කපනකොට මෙහෙට විසික් වෙනවා.. ෆරුකයගේ පණ්ඩිතකම ඔලුවට ගහලා බස් එකේ මුකුත් අල්ලගන්නෙ නැතුව ගිහින් බස් එක බ්‍රේක් කරපු පාර හොම්බ බිම ඇනගත්තා.. ඒකයි ඔය අර අහිංසක බස් මාමට බනින්නේ.. මුගේ පණ්ඩිත කමට බස් මාමා මොනා කරන්නද.. හන්දි දෙක තුනක් පහු කරලා අපි අපිට ඕනෙ තැනෙන් බැස්සා.. මේන් බැහැපු ගහම් අයාන් මලයා වමනේ කරනවා.. මම ශේප් එකේ උගෙ පිට අත ගෑවා..

" බ්වැක්ක්.. "

" හයියෝ මල්ලියේ වංගු ටික සැරටම බඩට වැදිලා වගේ.. "

මූට පුරුදුත් නැති නිසාද කොහෙද.. ෆරුකය බෑග් එකෙ තිබුණ වතුර බොතලේ අයාන් මල්ලිට දුන්නා.. මූ මූණත් රතු කරන් බඩවැල් බොකු එලියට එන්නම ඔක්කාරෙ කරනවා..

" ඇති යකෝ උබේ ආමාසේ ගැලවෙයි "

ෆරුකයා කිව්වම අයාන් මල්ලි වමනේ කරන එක නවත්තලා වතුර බිව්වා.. පවු පොඩි එකා.. කොහෙද මන් කිව්ව දේ ඇහුවේ නෑනේ සායි බබෙක් නෙවේ කිව්වෙ..

" අහ්ම්.. මාර බස් කාරයෙක්නේ ඕයි.. බස් කාරයො ඔක්කොම මෙහෙමද අයියේ "

" ඔව් මල්ලියා බස් කාරයෝ චූන් පාන් කාරයොන්ටත් වඩා වේගවත්.. දැක්කනේ නිකම් උගෙ පාර වගේ ගියපු හැටි "

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now