4 කොටස ❄️🌷

66 8 0
                                    


" ඉදගනිල්ල ඔක්කොම.. ඉස්සෙල්ලම මට උබලා ඔක්කොගෙම නම් දැනගන්න ඕනේ ෆුල් නේම්ස් හරිනේ "

මන් පොඩි එවුන් ටිකත් වට කරන් පරණ ආට් රූම් එකෙ සාකච්චාවක් දැම්ම කොහොමද මෙ අවුරුදු උත්සවේ සාර්ථක ලෙස සිද්ද කරන්නෙ කියලා..

" උබේ නම මොකද්ද නංගියා "

එකොලහ වසරෙන් ඇරන් තිබ්බෙ කෙල්ලො දෙන්නෙක්ව එක අතකට ඒකත් හොදයි උන් දන්නවා ඔය ඩෙකරේශන් වැඩ එහෙම.. ඩෙකරේශන් කරත් නැතත් අයිඩියා එකක් හරි දෙයිනේ..

" තශිනි හසන්‍යා "

" එතකොට ඔය නංගිගෙ නම ?"

මන් ෆරුකයා ලියන කොලේ දිහා බලාගෙන ඇහුවම මෙලො සද්දයක් ආවෙ නැති නිසා මන් ඔලුව උස්සලා බැලුව.. මේකි මන් දිහා කන්න වගේ බලාගෙන හිටියා..

" නංගි- උබෙන් අහන්නෙ "

මන් ඒකිව පියවි සිහියට ගත්තම ඒකි ගැස්සිලා මන් දිහා
' මොකද්ද කිව්වෙ ' ලුක් එකකින් බලන් හිටියා.. යකෝ මේකිට යකා ගැහුවද.. යස්ස ආවෙසයක්වත් තියෙනවද දන්නෑ බයෙත් බෑ..

" අහ්හ් ම් මේ කේතකී හිරණ්‍යා "

" එතකොට රාජා උබේ මුලු නම ?"

මම රාජාගෙන් ඇහුවා.. ඌට හැමෝම රාජා රාජා කිව්වට ඌට තව කෑල්ලක් තියෙනවා මතක විදියට රාජාසීමද කොහෙද.. හරියටම මීටර් නැති නිසා මම උගෙන් ඇහුවා..

" රාජායප්පන් "

ඔය කොරේ රාජාසිම නෙවේද සැක් මෙච්චර කල් හිතන් හිටියේ රාජාසීම කියලා.. රාජාගෙ නම ෆරුක් ලියාගත්තට පස්සෙ ඉතුරු වෙලා හිටියේ අයාන් මලයා.. ඔව් ඉතින් ඌනේ කොහොමත් ඉතුරු වෙන කවුරුත් ඉතුරු නෑනේ..

" එතකොට උබ.. උබේ නම ?"

මන් අයාන් මලයා දිහා බැලුවා අම්මෝ මුගේ කහපාට ඇස් දැක්කමත් බය හිතෙනවා.. ඌ මන් දිහා වෙනදා වගේම අදත් කන්න වගේ බලාගෙන හිටියා.. ඇයි බන් ඔහොම බලන්නෙ රෙද්ද..

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now