12 කොටස ❄️🌷

38 6 0
                                    


" ඇති නේ බන් "

" පිස්සුද යකෝ තව කඩපන් මේ ගෙඩි දෙක තුන ඇතුලේ තියෙන හිච්චන් ඇට දෙක තුන හැරෙන්නත් මදි "

ෆරුකයා කොට්ටම්බා ගහ යට ඉදන් මන් ගහේ ඉදන් කඩන කොට්ටම්බා ගෙඩි ටික අතේ තියන් කිව්වා.. ඇත්ත කොට්ටම්බා ගෙඩිය ලොකුවට තිබ්බට කන්න පුලුවන් හිච්චි කෑල්ලයිනේ.. ඉන්ටවල් එක ඉවර වෙලා මායි ෆරුකයයි පීරියඩ් එකකුත් කට් කරලා ඉස්කෝලේ අයිනටම වෙන්න තිබුණ ලොකු කොට්ටම්බා ගහේ කොට්ටම්බා කඩන්න ආව.. ඒ වෙලාවෙ ඒ පැත්තේ ලමයි හිටියේ නෑ.. ඒ වෙනකොට අපි අවුරුදුත් කාලා සති දෙහෙක දීර්ඝනිවාඩුවකුත් භුක්ති විදලා හිටියේ.. හරිම දීර්ඝ නිවාඩුවක්.. අපි හිතේ හැටියට කොට්ටම්බා කඩලා එතනම ගලක් සෙට් කරන් ගෙඩි තල තල ඇතුලේ තිබුණ ඇට කෑවා.. ඊව්..

" මේ මේ ගෙඩියේ ඇටේ ලොකුයි බන් "

ෆරුකයා ගෙඩියක් ගලකින් තලලා ඒක ඇතුලේ තිබුණ කොට්ටම්බා ඇටේ මට දික් කර කර කිව්වා..

" උබේ ඇටේද ?"

" අනේ පලයන් යන්න "

ෆරුකයා ඒ ඇටේ කටේ දාගෙන තව ගෙඩියක් ගලෙන් තැලුවා.. අපි මුලු ගහේම ගෙඩි ටික කැඩුවා.. අපි කඩන්නෙ නැත්නම් මේ ගස්වල ගෙඩි බොරුවට ඉදිලා බිම වැටිලා කුණු වෙනවා.. අපරාදෙනෙ..

" බල්ලො මේ ඇගේ කහට බන් "

මන් කොට්ටම්බා ඇටයක් කටේ දාගෙනම මයෙ සුදු ශර්ට් එකෙ තිබුණ දම් පැල්ලන් පෙන්නුවා.. මෙව්ව යන්නෙත් නෑ අදනම් තාත්තගෙන් අහගන්නවා..

" අඩෝ මගෙත් තියෙයි බන්.. මේව යන්නෙත් නෑ.. සික් "

ෆරුකයා ශර්ට් එක අල්ලන් වැලලෙන්න හැදුවා..

" ඔහොම ඉදපන්.. "

හප්පට සිරි වස්සා.. හත්වලාමේ.. අපි කොට්ටමබා තල තල ඉන්නකොට ඉස්කෝලේ හද්ද ඩොටේ ඉදන් වස්ස වේවැලත් ඇරන් දුවගෙන අපි හිටිය තැනට ආවා..

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now