3 කොටස

6.2K 837 60
                                    


" තූනේ මාරි එන්‍ටියාර්.. දිල්මේ බජී ගන්ටියාරී.. ටි.. ටින්..
"බුදුඅම්මෝ.. " දඩෝහ්.. මන් ඇදෙන් බිම. මේ මගුලේ රින්ග් ටෝන් එක හැමදාම හිතන් ඉන්නවා වෙනස් කරන්න ඕන කියලා. කොහෙද ඉතිං. මට තියන අටෝරාසියක් වැඩ කන්දරාව එක්ක ඕවට වෙලාවක් තියනවද? 😏😏
කල්පනා කර කරම මම ෆෝන් එක දිහා බැලුවා..
හුටා.. මල්ලි..

හෙ...
- නිකී තමුසේ තාම ඇදේද? මම ලෑස්ති වෙලා පහලටත් ආවා. ණ්ග්ඛ්ය්ඨෛඍඒඪ්... 🤬🤬
 
පිස්සුද ඕයි.. මන් මේ එන ගමන්.. මග.. මග..
කියලා මම ෆෝන් දඩන් ගාලා කට් කලා. නැත්නම් උදේ පාන්දර මල්ලිගේ දේශනාව අහගන්නයි වෙන්නේ.. ෆෝන් එක කට් කරලා මම බාත් රූම් එකට දිව්වා..
ඊයේ බිග් හිට් එකේ මැනේජ්මන්ට් එකත් අදුරගෙන, මට එයාලගේ dancing director වත් අදුන්නලා දුන්නා. මට තිබුනේ එයාත් එක්ක එකතු වෙලා ඩාන්ස් item ටික හදන්න. එයාලා අපිට අපාර්ට්මන්ට් එකක රූම්ස් දුන්නා. මල්ලිගේ රූම් එක වෙන ෆ්ලෝව් එකක තිබුනේ.
ඒකත් හොදයි.. නැත්නම් ඕකා මගේ පස්සෙන් නැට්ට වගේ එල්ලීගෙන එනවා. මට කොල්ලෙක් ටෝක් කරන්න වත් වෙන්නේ නෑ. අද සෙට් එකට යන්න දාගෙනයි තිබුනේ. මෙතන ඉදලා එතනට 2km විතර දුරයි.

මන් විනාඩි 5 න් වොශ් දාගෙන ඇද ගත්තා. කොහොමත් මට ඔය අනිත් කෙල්ලෝ වගේ පැය ගනන් ලෑස්‍ති වෙන්න වෙලාව යන්නේ නෑ. මම ඒ වෙලාවත් ඉතුරු කරගන්නවා නිදාගන්න. මම රතු පාට කලිසමට ගොම කොල පාට බ්ල්වුස් එක ඇදලා. සුදු ඩෙක් ශූස් දෙක දාලා හරහට බෑග් එකත් දාගත්තා. ඔය ඉන්නේ.. කැන්ඩි ලමිස්සි වගේ..

පහලට යද්දී මල්ලි ඉන්නවා මූන හට්ටියක් විතර කරගෙන. " මොනවද ඕයි තාම මෙතන කරන්නේ.. පරක්කු වෙනවා කියලා දන්නේ නැද්ද " ඌ මට බනින්න කලින් මම ඌට බැනලා දාලා දුවලා ගිහින් කාර් එකට නගිනකොටම මල්ලිගෙ කනෙන් දුම් වලාවක් යනවා මම ලාවට වගේ දැක්කා.

මැනේජර් ඔප්පා මට කෲ එකේ අනිත් අයවත් අදුන්නලා දුන්නා. තව ටිකකින් bts ගෲප් එකේ කට්ටිය එනවලු. මම පුල පුලා බලන් ඉන්නේ ඒ අවස්තාව එනකම් තමයි. ඔන්න එතකොටම ලස්සන කොල්ලෙක් එතනට ආවා.
ආ.. නිකී.. අදුරගන්න. මේ bts ගෲප් එකේ මෙම්බර් කෙනෙක් kim seokjin.
එයා මම දිහා බලලා "අන්‍යාසයෝ.. " කියලා කිව්වා විතරයි.. 🤩🤩
සිහින් සුලගක් ඇවිත් මගේ මූනේ වැදුනා.. මල් සුලගක් විසිරිලා ගියා. මගේ ඔලුව වටෙන් වීණා වාදනයක් ඇහුනා. කෙල බින්දුවකුත් වැටුනද කොහෙද. 🤤🤤
දැක්ක ගමන් ඇතිවෙන ආදර ගැන අහලා තියනවද. මේත් ඒ වගේ එකක්.. මට මෙහෙම උන පලවෙනි වතාව කියලද ඇහුවේ.. නෑ.. නෑ.. මට මෙහෙම විසි තිස් වතාවක් වෙලා තියනවා. ඒත් ඒ එකක් වත් හරි ගියේ නෑ. මොකද ඔය මල් සරාට මගෙත් එක්ක ජන්මාන්තර වෛරයක් තියනවා.
මම කශනිකව හීන මවන්න ගත්තා. ජින් ඔප්පයි මායි.. බැදලා.. ලමයෙක්.. නෑ එක්කෝ ලමයි දෙන්නෙක් එක්ක මූදු වෙරලක් අයිනේ... චිප්ස් කකා.. එයා දෙයක් කියනවා, මට තේරෙන්නේ නෑ. මම දෙයක් කියනවා එයාට තේරෙන්නේ නෑ.. එයා මට...
- නිකී.. නිකී.. අන්න අනිත් අයත් ඇවිත්...

වාහ්හ්... කඩවලේ... රොම්බ තෑන්ක්ස් කඩවලේ.. වේලි වෙලී හිටපු මට කොල්ලො 7 ක්ම. දරාගන්න බෑ අප්පා.
එයාලා හැමෝම තමන්ව අදුන්නලා දුන්නා . මෙන්න බොලේ රට හාවත් මෙතන.
ඒ අස්සේ මල්ලි එයාලගේ වයස අහනවා.. අනේ මගේ සුදු මල්ලි.. අක්කට ඔහොම්ම උදව් කරන්න. සුදු බෝලේ මගේ.. 😘😘
මල්ලියි මායි 95 මාර්තු. ජිමින් 95 ඔක්තෝබර්. ඒක නිසා එයාව ලිස්ට් එකෙන් කපන්න වෙනවා. සොරි පැටියෝ.. මන් ඔප්පලට විතරයි කැමති. කොරියාවෙ ඔප්පා කෙනෙක් කසාද බැදලා ඔප්පා.. ඔප්පා.. කිය කිය පස්සෙන් ඇවිද ඇවිද ඉන්න එක මගේ හීන පන්දාස් තුන්සිය දාහතරෙන් එකක්. taehyung නුත් බාලයි. එයා දෙසැම්බර්. දුකෙන් උනත් එයාවත් ලිස්ට් එකෙන් කැපුවා. රට හාවා කොහොමත් අවුරුදු 2ක් බාලයි. මන් කොහොමත් ඌව කලින්ම කපල තිබුනේ. 😏😏
දැන් මට ඔප්පලා 4ක් ඉන්න්වා. j hope ඔප්පා, suga ඔප්පා, namjoon ඔප්පා, ජින් ඔප්පා..
ඔප්පලා.. සාරන්හේ.. ඔප්පලා.. මම මගේ හද සන්තානෙන් නැග එන ප්‍රේමය දන්න කොරියන් වචන 2,3, එකතු කරලා හිතෙන්ම කියලා දැම්මා.
නම්ජූන් ඔප්පට ඉංග්‍රීසි හොදට පුලුවන්. එයා මන් ගාවට ඇවිත් මෙහෙම කිව්වා. " ඔයා හරි කියුට්. මගේ නංගි වගේ" 😱😱
ඔය කිව්වේ කතාවක්.. මම මේ ප්‍රේමය පුදන්න බලන් ඉන්නවා. මම නංගි වගේලු. ඔව් ඉතිං මම හැමදාම කාගේ හරි අක්කෙක් නංගියෙක් යලුවෙක් උනොත් තමයි. පෙම්වතියක් , බිරිදක් වෙන්නේ කවද්ද දෙයියනේ.. මල්සරෝ.. මට ඔහේගේ තාත්තව ටිකක් හම්බවෙන්න ඕන.😡😡

❤️
💙
🧡
💛
💜️
💚

❤️💙🧡💛💜️💚

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
niki ( completed) Where stories live. Discover now