10 කොටස

5.2K 771 49
                                    


අද නම් මම ඉන්නේ මොකෙක්ට හරි නෙලන මූඩ් එකකින්.  අහුවෙයන්කෝ අද ඔන්නි ඉස්සරහට.. 😕😕

ජින් ඔප්පාට කෑම හදපු වැඩෙත් හරි ගියේ නැති නිසා මම පුස් ඌරා වගේ එනකම් මල්ලිට රව රව ආවේ.. ඌනම් ඌට සැරින් සැරේ කිතිකැවෙනවා වගේ "හිචිස්.. හුචුස් " ගගා ආවා..

චේන්ජින් රූම් එකට ආවා විතරයි මෙන්න යකෝ ඔන්නි ඉන්නවා වටේටම සිරික්කිය දාගෙන. මාව දැක්ක විතරයි එයා ලග ඉන්න කෙල්ලෙකුට මොනවාද කොරියන් වලින් කියලා දෙන්නත් එක්ක හිනාවුනා..

මමත් ඉතින් සිරික්කිය දාගෙන ලගට ගියා..

- "මේ අක්කේ.. ඔහේ හරි ලස්සනයි කියලද හිතන් ඉන්නේ... නෑ..එහෙම නෑ... තමුසේගේ මූන හරියට පිකාසොට මුත්‍ර අමාරුවක් හැදිලා ඉන්නකොට ඇදපු චිත්‍රයක් වගේ.."  මම හිනාවෙවීම සි‍ංහලෙන් කියලා දැම්මා. 😁ඔන්නිට ඒක තේරුනේ නෑ.. එයත් මට පොඩි හිනාවක් දැම්මා..

අඩේ.. මේ වැඩේ මරුනේ.. මට හිනාවෙවී ඕන කෙනෙකුට බනින්න පුලුවන්. කවුරුවත් දැනගන්නේ නෑ මම බනිනවා කියලා. අද නම් දෙන්නම් පුතේ මැනේජර්ගේ ඉදලම 😏😏

- "නිකී.. පීඩී එනවලු.. ස්ටාෆ් මීටින් එකක්. "

- " අනේ.." මට ඔය මීටින් අල්ලන්නෙම නෑනේ.. මොකද මට එක දිහට වාඩි වෙලා ඉන්නත් අමාරුයි තව ඔය බැරෑරුම් අවස්ථා වල මට හිනා යනවා.
මල්ලි මාවත් ඇදගෙන කන්ෆරන්ස් හෝල් එකට ගියා.. වාහ්.. මේතන නම් මරු. සෝෆා දාලා කොට්ට දාලා. දන්නවනම් ඇලට් එකක් දාන්න තිබුනා කලින්ම ඇවිත්. මම දුවලා ගිහින් පිටිපස්සෙම ශීට් එකක් අල්ලගත්තා.
----------------

පීඩී මක්කද මක්කද කියෙව්වා.. අපිත් ඔහේ අහන් හිටියා. තේරෙනවා කියලය.. ඔය අවු අස්සේ මල්ලි කුටු කුටු ගගා කියවන්න ගත්තා.

-" මේ නිකී.. මේකේ ඊලග මියුසික් වීඩියෝ එකට තමුසෙට කරන්න කැරැක්ටර් එකක් ඉල්ලගමුද? තමුසෙට හොදට රගපාන්නත් පුලුවන් නේ.. "

- " අනේ.. මගේ මල්ලි පැටියා.. 😍"
ඕකා ඉපදුනායින් පස්සේ මගේ හොදක් කිව්වමද කොහෙද. උදේ ඉදන් මගේ තිබ්බ ඔක්කොම දුක්ක දෝමනස්ස ඉවර වෙලා ගියා.. 😊

- " සිරාවට ඔයාට එහෙම හිතෙනවද? step up එකේ රගපාපු එක දැකලද එහෙම හිතුනේ.. " 😁😁

niki ( completed) Where stories live. Discover now