5 කොටස

5.5K 833 31
                                    


දවල් කෑම වෙලාවත් ආවා.. උදේටත් කෑවෙ නැති නිසා පනු පැටව් ටික මාත් එක්ක තරහ වෙලා හිටියේ..
කොන්දයි බෙල්ලයි රිදෙනවා අප්පා.. ප්‍රැක්ටිස් කරලා නෙවෙයි වැටිලම. ඇයි වදේ වැටෙනවා කියලා මනුස්සයෙක්ට ඔහොමත් වැටෙන්න පුලුවන්ද? 😡 ඊයෙ හාවාගෙ ඇගේ වැදිලා බිම. අද උදේ ඇදෙන් බිම. ඊට ටිකකට පස්සේ අර අටමගලක පැටලිලා බිම.. මගේ ඇගේ ගුරුත්වාකර්ෂණය බලය වැඩිද මන්දා.. ඔන්න අඩු වෙන වෙලාවලුත් තියනවා. යුන්ගි ඔප්පා හිනාවෙන වෙලාව එහෙම. ඒ වෙලාවට මට දැනෙන්නේ මම නිකම් පා වෙනවා වගේ.. 😇😇
ආ.. කියන්න අමතක උනානේ. අර කාර් එකේ අයිතිකාරයා ඇවිත් ගිහින් තිබුනා. මේ යෝදයා  ඇවිත් ස්ටාෆ් එකේ අයට කියලා තිබුනේ මොංගල් පාට කෙල්ලක් ඇවිත් කාර් එකේ සයිඩ් කන්නාඩියට ගලකින් ගහලා මේ පැත්තට දුවන් ආවා කියලා.. හහ්.. මොංගල් පාට. ආයේ අහුවෙයංකෝ අංකල්.. රෝද 4ම හුලං අරිනවා... 😬😬

බුෆේ එකෙන් කෑම එකත් බෙදාගෙන මම වටපිට බැලුවා. මල්ලි කොහෙද කියලද ඇහුවේ.. ඌට කන බොන වෙලාවට සහෝදරකම් මතක නෑ. ලන්ච් ටයිම් කියපු ගමන් පෙරලගෙන දිව්වෙ ඔය.
කෑම මේස 3 ක් දාලා තිබුනා.. දිග මේස 3 ක්.. ඒකේ වම් පැත්තේ මේසේ තමයි මගේ මැනික් කැට ටික වාඩිවෙලා හිටියේ..😍 ඔය මැද මේසේ වාඩිවෙලා මන්ගොල්ලිත් ගිලින්නේ. උගේ මූන පේන්නෙත් නෑ පිගානට. 😏

මගේ එහා පැත්තෙන් ලතාවකට ඇවිද ඇවිද කෑම බෙදාගත්තා ස්ටාෆ් එකේ උන්නි කෙනෙක්. අන්න කෙල්ලෝ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෙල්ලෝ. හරිම ලස්සනයි. දැක්කත් බඩ පිරෙනවා. මගේ කොල්ලො 7 දෙනත් නූනා.. නූනා.. ගගා එයත් එක්ක කයිය. හැබැයි ඒ අක්කා මට නම් වැඩි ඇයි හොදයියක් පෙන්නුවේ නෑ. එයාගේ ගෑනු ඉවට තේරෙන්න ඇති මම එන්නේ හොදකට නෙවෙයි කියලා.  මේ අක්කේ.. ගමේ වැල ගමේ කපුටන්ට තමයි.. එහෙමයි කියලා 7 ම ඔයාට දෙන්න බෑනේ. ඔයාට ඕනම නම් ඔන්න හාවා දෙන්නම්. ලංකාවේ අපිටත් එකක් හරි ඕනනේ..

හැම ප්‍රේම වෘතාන්තයකම දුශ්ටයෙක් ඉන්න්වා. එතකොට මගේ ප්‍රේම කතාවෙ දුශ්ටි තමයි මේ.. නිලිය මම.එතකොට නලුවා... ආ... මේ... නලුවා තමයි.. හ්ම්ම්.. නලුවා තාම තෝරාගත්තේ නෑ.. කතාව යන විදියට නලුවා තෝරගන්නවා..

මේස වල වාඩිවෙන්න ඕන තරම් ඉඩ තිබුනට මම බැලුවේ වම් පැත්තේ මේසේ දිහා විතරමයි. හෆ්ෆා.. ඒකේ ජේ හෝප් ඔප්පගෙයි ජින් ඔප්පගෙයි මැද පුටුව හිස්.. එතනට යන්න අඩියක් තියනකොටම මම දැක්කේ ස්ටාෆ් අක්කත් ඒ පුටුව ගාවටම යනවා.. ඒවා කොහෙද අක්කේ මාත් එක්ක. මේක මගේ ආත්ම ගරුත්වය පිලිබද ප්‍රශ්නයක්. නැටුම් වල දන්න වැඩ කෑලි සේරම දාලා පුටු උඩින් මේස යටින් මේස වල හැප්පි හැප්පි මම පනකඩාගෙන දුවලා ගිහින් අක්කා පුටුව අදින කොටම ඒකේ ගිහින් වාඩි උනා. වාඩි වෙලා "තැන්කූ" කියලත් කිව්වා.. අක්කා හොස්ස දික් කරගෙන අනිත් මේසෙට ගියා.. මම හිත යටින් හූවකුත් ඇදලා ඇරියා. මොකො අතින් පයින් යනවා කියලය. 😏😏

තූනේ මාරි එන්ට්‍රියාරි.. දිල්මේ බජී.... 
ලබාගත් ජයග්‍රහණයෙන් උදම් වෙලා ඉන්න අස්සේ මෙන්න යකෝ ලංකාවෙන් කෝල් එකක්. පමො.. මගේ යාලුවා.. ඒකත් හොදයි.. මට මේ ජයග්‍රහණය සමරන්න එකෙක් නැතුව හිටියේ..
-  මම දිනුම්...
- හෙල්.. මොකක්... මොකක්ද දිනුවේ.. 🤔
- මම දිනුම්ම්ම්... මම අතකුත් උස්සලා ස්තිරසාර වශයෙන් කිව්වා.. හරියට ක්‍රිකට් වර්ල්ඩ් කප් එක දිනුවා වගේ..
- තෝ මහ දවාලේ ගල් බාගයක් වත් ගැහුවද? 😡
-- මම දිනුම්..
- දිනුවනම් කමක් නෑ. එනකොට කුසලානෙත් අරන් වරෙන්. රෙද්ද..  🤬

ඌ තිව්වා.. සල්ලිත් කපාගෙන මොකටද දන් නෑ ගත්තේ.. කමක් නෑ. ඌත් එක්ක නම් මුලු ජීවිත කාලෙම උනත් කතා කරන්න බැරිය. ඒ වගේද මේ චාන්ස් එක.

ජේ හෝප් ඔප්පා මගේ දිහා හිනාවෙලා බැලුවා.. මම හිතන්නේ මම පුටු පෙරලන් ආපු එක එයා දැක්කා. මම දත් ටික සේරම පෙන්නලා ලොකු හිනාවක් දුන්නා. 😁😁 එහෙම තමයි මම. හංගගෙන වැඩ නෑ මගේ.
ජින් ඔප්පා නම් මෙලෝ සිහියක් නෑ කාගෙන කාගෙන යනවා.  ඔප්පා.. මෙච්චර ලස්සන සූටිං කෙල්ලෙක් ලග ඉද්දි ගානක් වත් නැතුව ඔයා කොහිමද ඔහොම කන්නේ.. හුම්ම්.. මන් කතාවකට මුල පුරන්න හැදුවා..

niki ( completed) Where stories live. Discover now