8 කොටස

5.2K 805 109
                                    


"තූනේ මාරී එන්ට්‍රියාරි.. දිල්මේ..."

මල්ලි.. ඌටත් දැන් තමයි මාව මතක් වෙලා තියෙන්නේ..

- හෙලෝ.. දැන්ද මතක් උනේ.. 😡

- නිකී.. කොහෙද ඉන්නේ.. මොකද ඕයි තමුසේ බොක්සර් බල්ලෙක් වගේ හතිදාන්නේ..

- තමුසේ නම් මාර ගාඩ්. මාව මනුස්සයෙක් උස්සන් ගියත් දන්නේ නෑ

- උස්සන් ගියා.. කෝ ඔය උස්සන් ගිය එකාට ෆෝන් එක දෙන්වකෝ..

- ඒ මොකටද?

- බාම් ඕනද අහන්න.. 😂

- අනේ මේ.. බාම් ඕන වෙලා තියෙන්නේ මට.. මැරිච්ච ආච්චිත් මතක් උනා දුවපු දිවිල්ලට. සොනික් පරාදයි

- හරි.. කොහෙද ඉන්නේ කියනවකෝ..

- කොහෙද ඉන්නේ කියන්න දන්නවද. මේ බෝඩ් එකක් වත් කියවගන්න බෑ. ඔහොම ඉන්නෝ.. මං දැන් එන්න හදන්නේ..

මම ෆෝන් එක කට් කරලා හාවා දිහාට හැරුනා. දැං කොහොමද මම මෙයත් එක්ක සන්නිවේදනය කරන්නේ..
හාවෝ.. you go this way
I will go that way
අතින් පයින් දන්න ශිල්ප ඔක්කොම දාලා මම පැති දෙක පෙන්නලා වැඩර් වගේ ආපහු හැරුනා..
හෑ.. මම කොයි පැත්තෙන්ද ආවේ.. ගාල කඩාගත්ත වැස්සි වගේ දුවන් ආවට දැන් පාර මතක නෑනේ බොලේ..

මම ආයේ එහෙමම වටයක් කැරකිලා හාවා දිහාට හැරුනා.

හී... 😁😁  where is the park. Which way ?
මම අහින්සක පාටට දත් 34 ම පෙන්නලා හිනාවෙලා ඇහුවා.. මෙන්න මූ මට නෝන්ඩි හිනාවක්  දාලා මගේ අතේ තිබුනු මාස්ක් එකත් උදුරගෙන ඉස්සරහට යන්න ගත්තා. මූ මාර යකෙක්නේ.. අච්චර පාඩුවෙ හිටපු මාවත් ඇදගෙන දුවලා දැන් පස්ස වන වන යන ලස්සන.

අනේ.. ඒ පස්ස. පුලුං බෝල නැට්ටකුත් තිබ්බා නම් හා පස්සක්ම තමයි. ☺️
චික්.. මාත් මොනා හිතනවද මන්දා..😏

දැන් මොකක්ද කරන්නේ.. නම්බුව බල්ලට දාලා හාවාගේ පස්සෙන් යන්වද.. නැත්නම් පුරුස දයිරිය කකුල් දෙකට අරන් මංමුලාවූ පාර සොයාගෙන යනවද..
ඔන්න ඔහේ යනවා පාර හොයන්..

" මංමුලාලා... වු... පා...  ආව්ව්ව්... අත.. යෝදයෝ..
මේකා අතින් ඇදපු පාරට මම ටොනාඩෝ එකකට අහුවුනා වගේ ඇදිලා ගිහින් ඇගේ වැදුනා..  අතින් ඇදලම දැන් එක අතක් දිගයි අනිකට වඩා.

-  ඇයි ? ..  නෑ මේ වයි? 😡

niki ( completed) Where stories live. Discover now