27 කොටස

4.8K 766 51
                                    

අර පැත්තට යමු..

එලියට පනින්න හදනකොටම මට මගේ ෆෝන් රාජයා මතක් උනා.. මන් හාවගේ අත අතෑරලා ආයේ ඇතුලට දුවන්න හැදුවේ..

- " කොහෙද ආයේ යන්නේ.. "

- " මගේ ෆෝන් එක නෑ.. අරුන් කාගාව හරි ඇත්තේ.. "

- " ඉතිං දැන් ඉල්ලන් එන්නද යන්න හදන්නේ.  මෙන්න මෙහෙ එන්න.. "

හාවා බැනලා අතින් ඇදගෙන දුවන්න ගත්තා.. නිකම් ගම් පලාතක් වගේ මේ පැත්ත.. අපි හිටපු ගෙදරට එහා තිබුනු කැලයක් වගේ එකක් මැදින් දුවන්න පටන් ගත්තා.. යන්තම් හද එලිය තිබුන නිසා වටේ පිටේ ටිකක් පෙනුනා..

- " මන් තීරණය කලා ලමයි හදන්නේ නෑ කියලා.. "

හෑ.. 🤨🤨  මොනාද මේ හාවා කියවන්නේ.. මේ වෙලාවේ ගැලපෙන මාතෘකාවක්ද මේක.. මේකට පයිත්තියන්ද..

-" මොකක් "😮😮

මන් ගල් මුල් වල හැපි හැපි යන ගමන් ඇහුවා..

- " ඒ ලමයටත් ඔයාගේ මොලේ ආවොත් මට දෙන්නම බලාගන්න අමාරු වෙයි.. "

හති දදා දුවන ගමන් හාවා කියවනවා..

මේකා මොනවද කියවන්නේ..🤔🤔 මෙයාගේ ලමයට කොහොමද මගේ මොලේ එන්නේ.. 🤔🤔

මොකුත් කියාගන්නත් බැරි තරමට හති..

මන් හාවාගෙන් අත් අතෑරලා නැවතුනා..

-" දැන් ඇති.. මට හොදටම මහන්සි..
හති නිසා වචන එලියට එන්නෙත් නෑ.. බඩගිනියි.. 😤😤 අපරාදේ අපිට නූඩ්ල්ස් එකත් කාලා එන්න තිබුනේ.. "
මම හති දදාම කිව්වා..

- " ඇත්තටම මම ලමයි හදන්නේ නෑ.. "

මොකක්.. 😮 මගේ බඩගින්නයි මෙයාගේ ලමයයි අතර තියන සම්බන්දෙ මොකක්ද
🙄🙄

- " දැන් කොහොමද අපි ආයේ ගෙදර හොයාගන්නේ.. කොහෙද ඉන්නේ කියලවත් දන්නේ නෑ.. ඔයාගේ ෆෝන් එක තියෙද "

- " නෑ.. මගෙත් ෆෝන් එක අරුන් අරගෙන..
අපි ගෙයක් වත් තියනවද කියලා බලමු.. "

මන් වටපිට බලලා බිමින් වාඩිඋනා... හාවත් මගේ ලගින්ම වාඩි උනා..

- " ඔයා නිසා තමයි සේරම.. මන් හාවට වැරැද්ද යොමු කරා.. "

- " මොකක්.. මන් නිසා.. කොන්සට් එකට එන්න එපා කියද්දී ආවේ කව්ද? "

niki ( completed) Where stories live. Discover now