29 කොටස

4.9K 772 31
                                    

29 කොටස..

කොහොමහරි අපිව එහේ පොලීසියෙන් ප්‍රොටෙක්ශන් එක යටතේ එක්කන් ආවා.. දැනටමත් ජන්කුක් පැහැරගෙන කියලා කටකතා ඇතිවෙලා තිබුන නිසා බිග් හිට් බිල්ඩින් එක ගාව සෙනග රැස්වෙලාලු ඉන්නේ.. ඒක නිසා අපිව හොරාටම අපේ අපාර්ට්මන්ට් එක ලගට එක්කම් ආවා..

මැරයන්ට උනේ මොකක්ද , අල්ලගත්ද , උන් මැරිලද , අඩු ගානේ අපි වාහනෙන් එනකම් වුන මෙලෝ දෙයක් මන් දන්නේ නෑ මොකද මම කට කපලා නිදාගෙන ආවේ..  මන් වාහනෙන් බහිනකොටම මල්ලි ඈත ඉදන් දුවගෙන ආවා.. දැන් නම් පුතේ බැනුම් තමයි කියලා මන් කන්දෙක වහගන්න හදනකොටම මල්ලි මාව බදාගත්තා...

- " නිකී.. මම හොදටම බය උනා.. මගේ ඇගෙන් කොටසක් නැති උනා වගේ දැනුනේ.. "

අනේ.. කොච්චර පව්ද මගේ මල්ලි.. මට හරිම සතුටුයි ඔයා වගේ සහෝදරයෙක් ඉන්න එක ගැන මම එහෙම හිතලා ඒක කියන්න හැදුවා විතරයි ඌ ආයේ කියවන්න ගත්තා..

- "නිකී.. තමුසේ නම් මහ මෝඩියෙක්.. ලෝකේ ඉන්න ලොකුම මෝඩි.. මන් අම්මගෙන් හොදටම බැනුම් ඇහුවා.. "

අපෝ.. වෙලාවට හොද කිව්වෙ නැත්තේ

-" බලනවා ජන්ග්කුක් එතන හිටියෙ නැත්නම් තමුසෙට වෙන්න තිබුන දේ.."

මල්ලි හාවාගේ දිහාට අත දික්කරලා පෙන්නුවා.. හාවත් වාහනෙන් බැහැපු ගමන් කලිසම් සාක්කුවලට අත දාගෙන අපේ දිහා හිනාවෙවී බලන් හිටියා..

-" මොකක්.. මෙයා.. මෙයා නිසා නෙවී මම බේරුනේ.. "

-" අහ්හ්.. මොනවද කියන්නේ මෙයා.. "
එහෙම අහගෙන හාවා ලගට ආවා..

-" නෑ මේ නිකී කියනවා ඔයා නිසා නෙවෙයි බේරුනේ කියලා.. "

-" ඔහ්.. චින්චා එහෙනම් කා නිසාද බේරුනේ.. "

-" මම නිසා.. "

-" මොකක්..  හාවයි මල්ලි දෙන ඇස් කටේ දාගෙන මගේ දිහා බැලුවා"

- " මන් මොලේ කල්පනා කරලා පිහියක් අරන් ගියේ නැත්නම් අපි තාම එතන... "

-" ඔයාගේ ගොන් මොලෙන් කල්පනා කරලා කොන්සට් එකට නොගිහින් හිටියනම් ඔය මොකුත් වෙන්නේ නෑනේ.. "
මල්ලි පිප්පුවා..

niki ( completed) Where stories live. Discover now