Chapter 7

204 44 12
                                    

Kim seo jin's POV

" මම කාල ඉවරයි මම යනවා "   ක්‍යුන්ග්සූ එතනින් නැගිටලා ගියා.

" මමත් කාල ඉවරයි මමත් යනවා "

සූ අහ් ත් එතනින් නැගිටලා ගියා. එයා ක්‍යුන්ග්සූ ගෙ පස්සෙන්ම ගියා ඒත් ඉතින් මම වැඩිය ගනන් ගත්තෙ නෑ.

" හැමෝම කාල ඉවරද එහෙනම් අපි යමුද "  මම කාල ඉවර වෙලා කට්ටියගෙන් ඇහුවා.

" ඔව් අපි ඉවරයි යමු "

කට්ටිය එක්ක අපි කැන්ටින් එකෙන් එලියට ගියා. අපි පන්ති වලට යනකොට අපි දැක්කා ක්‍යුන්ග්සූ සූ අහ් ව අත් දෙකෙන් වඩාගෙන ඉන්නවා. ඒ වෙලාවෙ මට පොඩි දුකක් ආවා . ඒකට පොඩි කියන්නත් බෑ. මට ඒක කියන්න තේරෙන්නෑ.

" ක්‍යුන්ග්සුයා මොනාද ඔයා කරන්නේ ?"   චැන්‍යොල් ටිකක් සැරෙන් එයාට කතා කලා.

" මට හිතෙන්නෙ මෙයාගෙ කකුල උලුක් වෙලාද කොහෙද , මෙයාව First aid එකට ගෙනියන්න ඕන. "

'  කමක් නෑ ක්‍යුන්ග්සූ එයාට උදව්වක්නෙ කරන්නෙ. මට මොකද ඉතින් '  මම එහෙම හිතුවා.

" ඉන්න ක්‍යුන්ග්සුයා මමත් එන්නම් "

මමයි  ක්‍යුන්ග්සූයි සූ අහ් එක්ක first aid එකට ගියා. අපි එයාව first aid එකේ ඇද උඩින් තිබ්බා. First aid එකේ නූනා සූ අහ් ව බලන්න ආවා.

" මොකද්ද මෙයාට වෙලා තියෙන්නේ ? "

" නූනා මට හිතෙන්නෙ මෙයාගෙ කකුල උලුක් වෙලාද කොහෙද "

" ඉන්න මම බලන්නම් " 

Min soo ah's POV

" ක්‍යුන්ග්සුයා ඔයා මොනවද ඔය කරන්නෙ "

ක්‍යුන්ග්සූ ගෙ යාලුවා එතනට ඇවිත් ඇහුවෙ නිකන් පුදුම වෙලා වගේ .
' අහ් ඇයි මෙයාල දැම්ම ආවෙ '

" මෙයාගෙ කකුල උලුක් වෙලාද කොහෙද මෙයාව first aid  එකට එක්ක යන්න ඕන "

" ඉන්න ක්‍යුන්ග්සුයා මමත් එන්නම් "

' මෙයා මොකටද එන්නෙ. ඇත්තමයි 😒.  වෙන වැඩ නැද්ද මන්දා '
ක්‍යුන්ග්සූ මාව first aid එකට එක්ක ගිහින් ඒකෙ ඇද උඩින් තිබ්බා. ඒකෙ හිටපු නූනා එතනට ආව.

ONLY YOU ( Completed ☑️)Waar verhalen tot leven komen. Ontdek het nu