Chapter 17

142 34 20
                                    

Kim seo jin's POV

අර මනුස්සයා කියපු දේවල් වලින් ඔලුව පුරවගෙන මම ගෙදර ගියේ 😖. ඒ කවුරු වෙන්න පුලුවන්ද . එයාට කලින් මාත් එක්ක තිබ්බ සම්බන්දෙ මොකද්ද. ඇයි මෙච්චර මට කරදර කරන්නෙ. එතකොට ක්‍යුන්ග්සූ ටත් 😖. මටනම් මොකුත් හිතාගන්න බෑ. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඔලුවෙ හිර කරන් මම ගෙදරට ගියා.

"ස්‍යෝ ජිනා ! "

ඒ ප්‍රශ්න ලෝකෙන් මම එලියට ආවෙ ඔම්මගෙ කටහඩ ඇහිලා.

" ඕ ඔම්මා"

" වොල්හා මට ඔක්කොම විස්තර කිව්වා . කොහොමද දැන් ඒ ලමයට "

" එයාට දැන් හොදටම හොදයි ඔම්මා " ඒත් මට දැන් හිතෙනව එයා තවත් එහෙමම හිටියනම් හොදයි කියලා. එයාගෙම හොදට.

" ආ එහෙනම් හරි. ඒත් ඔයා නිකන් ප්‍රශ්නෙක වගේ මොනවද උනේ "

" මොකුත් නෑ ඔම්මා " මම අම්මට මොනා කියන්නද. ඔම්මයි අප්පයි තාම අපි දෙන්නගෙ සම්බන්දෙ ගැනවත් දන්නෑ. ඒ නිසා මොනා කියන්නද . ඒත් මට අම්මගෙන් මගේ පොඩිකාලෙ ගැන මොනව හරි දැනගන්න පුලුවන් වෙයි. මට අමතක උනාට අම්මට මතක ඇතිනේ. අම්මගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි.

" ඔම්මා !"

" වේ ? "

" ඔම්මා , මගේ පොඩි කාලෙ ගැන මොනව හරි කියන්නකෝ "

" පොඩි කාලෙ ගැන දැන් මොනවද දැනගන්න ඕන ?? "

" නිකන් , මම පොඩි කාලෙ මොන වගෙ කෙනෙක්ද ? මොනවද කලේ ? ඒ වගේ "

" ඔයාද 😂. ඔයා පොඩි කාලෙ හරිම දගයි . හරිම කපටියි "

" කපටියි ?? මම ?? අනේ එහෙම නෑ මම 😒"

" ඔව් ඔව් , ඒ කාලෙ මිනිස්සුව ඔයා හොදට දැලේ දාගන්නව ඔයාගෙ හුරතලේ පෙන්නලා "

" අනේ ඉතින් ඒකට කියන්නෙ කපටිකම කියලද ? මම ඉතින් පොඩි කාලෙත් මේ වගේම කියුට් වෙන්නැතිනේ "

" ඔව් දකින දකින අයට ඔයාව අල්ලන් බදාගන්නමයි හිතෙන්නෙ "

" වෙන මොනාද ? "

" වෙන🤔, ආ ඔයා හැමතිස්සෙම මිනිස්සුන්ව හිනාගස්සනවා "

" හිනාගස්සනවා ?? "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now