Chapter 3

337 68 39
                                    

Kim seo jin's POV

යාලුවෝ එක්ක මගෙ වීරකම් කියවගෙන යද්දි මම වෙන කෙනෙක්ගේ කකුලේ පැටලිලා වැටුණා .

" ස්‍යෝ ජිනා දෝ ග්වෙන්චනායෝ ? ආයිෂ් කවුද මේ හරියට බිම බලන් යන්න බැරි මිනිහා.😡"     වොල්හා මාව නැගිට්ටවන ගමන් කිව්වා.

සෑ.. වෑව් අනන්තෙන් පියඹා ආපු කුමාරවරු තුන්දෙනෙක් වගේ . ඒ කොල්ලෝ තුන් දෙනාගේ ලස්සන . අනේ ඉතිම් මගේ කකුල් දෙක ලස්සන කොල්ලො දැක්කම ඉන්නම බෑනේ. මටම හරියන කකුල්.

" මේ මේ මේ අපි හරියට ඇවිද්දා ඔයාගේ යාලුවට කියන්න හරියට බලන් ඇවිදින්න කියලා . මෙතන කයිය ගගහා ඇවිදින්නෙ නැතුව."

එතන හිටපු කෙට්ටු රිටක් වගේ උස මිනිහා මට ඒ විදිහට දෝෂාරෝපණය කරා 😒. එතන හිටපු කොට පොර ගාවින් මගේ ඇස් නතර උණා. හරිම අහිංසක පාටයි හරිම සිරියාවන්තයි.

" ඕ චැන්‍යොල්.. එයාට බනින්න එපා . මම එයාව දැක්කෙ නෑ.  චේසොන්හම්නිදා . "  අනේ ඒ කොට මිනිහා මගෙන් සමාව ඉල්ලුවා ඇයි ඒ ඇයි ඒ මටනම් දැන් පිස්සු වගේ. බැලුවම අර රිටාගෙ කකුලෙ නෙවෙයිනේ මම පැටලිලා තියෙන්නෙ ඌ මොකද මට බැන්නේ අර මනුස්සයා මගෙන් සමාවත් ගත්තා අනේ එයා.  මගෙන් සමාව අරගෙන ඒ තුන්දෙනා ගියා.

" ආයිෂ් ජින්චා.. වැරැද්ද කරපු මනුස්සයා සමාව ගන්නත් කලින් අර රිටාට තිබුණ ගාය මොකද්ද . උටනම් පිස්සු. "  වොල්හා මොකෙද්ද වගේ කියවගෙන ගියා . ඒත් මටනම් ඒවා එකක්වත් ඇහුන්නෑ.
අර කොල්ලො තුන් දෙනා ගිය වෙලේ ඉදන් මගේ Heart එක DJ එකක් දැම්මා වගේ උණා.

" ටිකක් ඉන්න මොකද්ද ඒ සද්දෙ . මේ ලග කොහේ හරි musical show එකක්වත් තියෙනවද. "   වොල්හාට ඇහිලා තියෙන්නෙ මගේ Heartbeat එක.

" ස්‍යෝ ජිනා ඔයාට ඇහෙනවද ඒ සද්දේ.. ස්‍යෝ ජිනා... ස්‍යෝ ජිනා..... ස්‍යෝ ජිනා....................."

අර කොල්ලො තුන් දෙනා ගියපු දිහාව බලාගෙන මම ගල් ගැහිලා වගේ හිටියේ. ඒ අතරේ මට වොල්හා ගෙ ටකරම ඇහෙන්න ගත්තා. ඒකට මම දිව්‍යලෝකෙ ගිහින් ආයි අපායට ගියපු නැති එක විතරයි. අම්මපා ඉස්කෝලෙ බෙල් එක හොදයි මුගේ ටකරමට වඩා.

ONLY YOU ( Completed ☑️)On viuen les histories. Descobreix ara