Chapter 12

167 37 1
                                    

Doh kyungsoo 's POV

අරුන් දෙන්නට ඉතින් කන්න බොන්න දෙන්නෙ මමනේ. එයාලට කන්න ඕන දේවල් ටිකක් අරගෙන මම යන ගමන් හිටියේ. එකපාරටම  මගේ ඔලුවට හයියෙන් පාරක් වැදුනා. මගේ අතේ තිබ්බ බඩු ඔක්කොම අත් ඇරුනා. මම අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන වේදනාවෙන් හිටියේ. මට හැමදේම නිකන් බොද වෙලා පෙනුනේ . මගේ ඉස්සරහ මනුස්සයෙක් හිටගෙන හිටියා. මට එයාව හරියට පෙනුන්නෑ. එයාගෙ අතේ පොල්ලක් වගේ එකක් තිබුනා. මහ අමුතු ඇදුමක් ඇදන් හිටියේ. ටිකක් විතර ඇහැට පුරුදුයි ඒත් අදුරගන්න බෑ.

" නු..නුගුසෙයෝ .. තමුසෙ කවුද ආ "

ඒ මනුස්සයා පොල්ල එස්සුවා. එතනින් එහාට උනේ මොනාද කියල මම දන්නෑ.

මගේ ඇස් ඇරුනා . මම හිටියේ ඇදක් උඩ නිකන් හොස්පිටල් එකක වගේ. මගේ ඔලුව තුවාල වෙලා. එතන හිටපු නර්ස් කෙනෙක් මට සිහිය ආව කියල කෑ ගහගෙන එලියට ගියා.

" ඩොක්ටර් ලෙඩාට සිහිය ආවා "

ඩොක්ටර් කෙනෙක් මං ගාවට ආවා. ඩොක්ටර් ගෙ පිටිපස්සෙන් ස්‍යෝ ජිනුයි චැන්‍යොල්නුයි බේඛ්‍යුන්නුයි ආවා. ස්‍යෝ ජින් නිකන් හිටියෙ බය වෙලා වගේ අනිත් දෙන්නත් එහෙමමයි .

" ක්‍යුන්ග්සුයා ඔයාට මොකද උනේ ?? " ( චැන්‍යොල් )

" මම දන්නෑ මට මොකුත් හරියට මතක නෑ "

" මතක් කරල බලන්න . හොදට මතක් කරල බලන්න . " ( ස්‍යෝ ජින් )

" මම... අපට කන්න මොනවහරි අරගෙන එන  ගමන් හිටියෙ එතකොට එකපාරටම ... අහ් මට මතක නෑ .. අහ් මගෙ ඔලුව "

" හරි හරි ඔයාට අමාරුනම් දැන් කියන්න ඕන නෑ පස්සෙ හෙමීට කියන්න ම්ම් " ( ස්‍යෝ ජින්)

ස්‍යෝ ජින් එහෙම කිව්වෙ මගේ ඔලුව අත ගාන ගමන් . මට හරිම සනීපයක් දැනුනා. මම එයාගෙ මූන දිහා බැලුවා. එයත් මගේ මූන දිහා බැලුවා . ( ඔන්න ආයි ආකර්ෂනය වෙනවා කවුරුත් කාන්දම් අයින් කලේ නැද්ද 😑💔)  අපි දෙන්න දෙන්නගෙ මූනු දිහා නෑ අපි අපේ ඇස් දෙක දිහා බලන් හිටියා. ස්‍යෝ ජින් ගෙ අත තිබ්බෙ මගේ ඔලුව උඩ . එකපාරටම එයාට ලැජ්ජ හිතිලද කොහෙද එයා අත අහකට අරගෙන අහක බලා ගත්තා.

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now