Chapter 18

130 33 7
                                    

Author's  POV

කට්ටියම ඉස්කෝලෙ ඇරිලා තම තමන්ගෙ  ගෙවල්වලට ගියා. හවස් වෙලා ස්‍යෝ ජින් ක්‍යුන්ග්සූ එක්ක ඇවිදින්න යන්න ලෑස්ති වෙනවා. ඒත් එයා වැඩි කැමැත්තකින් නෙමෙයි මේ ගමන යන්නෙ. එයාගෙ හිතට අර කෝල් කරපු මනුස්සය කියපු දේවල් සැරින් සැරේ මතක් වෙනවා. එයා ලෑස්ති වෙලා ගෙදරින් එලියට ආවා. එයා බලන් හිටියේ ක්‍යුන්ග්සූ එනකන්. ඒ වගේම එයා හැමතිස්සෙම වටපිට බැලුවා කවුරුහරි එයා දිහා බලන් ඉන්නවද කියලා.

එයා හිතුවා හරි ජින්ගු හැමතිස්සෙම එයා ගැන සෙවිල්ලෙන් ඉන්නේ. ස්‍යෝ ජින් හිතුව වගේම ජින්ගූ එයා දිහා බලන් හිටියා. එයා කාර් එකක් ඇතුලෙ හිටපු නිසා ස්‍යෝ ජින් එයාව දැක්කෙ නෑ. අනික එයා තාම ජින්ගුව හරියට දැකලත් නෑ. ඒ නිසා ස්‍යෝ ජින්ට එයාව අදුරගන්න බැරි උනා.

ස්‍යෝ ජින් එක්කන් යන්න ක්‍යුන්ග්සූ ආවා. හැබැයි එතනට නොහිතපු වෙලාවක ස්‍යෝ ජින්ගෙ අම්ම ආවා.

" ඔ.. ඔම්මා "

" ස්‍යෝ ජිනා. කවුද මේ  "

" ඔම්මා මේ තමයි අර accident  එක උන කෙනා. මම මෙයා ගාව තමයි හිටියේ. "

" ඕ ? පුතාට දැන් හොදයි නේද "

" ඔව් ආන්ටි. ස්‍යෝ ජින් මාව හොදට බලාගත්තා. මට දැන් හොදටම හොදයි "

" ස්‍යෝ ජිනා, මම නිකන් අහන්නෙ, වැරදියට හිතන්න එපා. ඔය දෙන්න අතර මොනවගෙ සම්බන්දයක්ද තියෙන්නේ. යාලුකමක් ද ? නැත්තම් ඊට එහා ගිය සම්බන්දයක්ද ? "

" ඕ.. ඔම්මා.. ඇයි එහෙම අහන්නේ "

" නෑ ඉතින් මට නිකන් දැනගන්න "

" ආන්ටි, අපි දෙන්න ආදරේ කරනවා "

ක්‍යුන්ග්සූ ඒක ස්‍යෝ ජින්ගෙ අම්මට කෙලින්ම කිව්වා. මොකද එයා ආස නෑ දේවල් හංග හංග ඉන්න. ඒක නිසා ගත් කටටම කිව්වා 😂. 

" ඔ.. ඔම්මා.. මෙ අපි.. "

" හරි හරි ස්‍යෝ ජිනා. මම එපා කිව්වෙ නෑනෙ. අප්පටත් මම කියන්නම්කෝ  "

" අනේ ඔම්මා , අප්පට? එයා කැමති වෙයිද "

" ඒක ඉතින් අප්පට කියලම බලන්න ඕන . අප්ප ඉතින් ඔයාට ආදරෙයිනේ. "

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now