Chapter 4

294 68 41
                                    

Doh kyungsoo 's POV

බේඛ්‍යුන් චැන්‍යොල් එක්ක මම ඉස්කෝලෙ ගාව බස් ස්ටොප් එකට ගියා.

" ඕ ක්‍යුන්ග්සුයා අර අපි එක්ක උදේ රණ්ඩු උණ කෙල්ලො තුන් දෙනා නේද."

" ආ ඔව් එයාලා තමයි."

" හ්ම්ම්ම් උදේ රණ්ඩු උන වෙලාවෙ හරියට මූනු ටික බලාගන්න බැරි උනා. "
චැන්‍යොල් එහෙම කියලා ඒ කෙල්ලො තුන් දෙනා දිහා මහ අමුතු විදිහට බලන් හිටියා.

"යා... මොකද ඒ කෙල්ලො ටික දිහා ඔහොම කන්න වගේ බලන් ඉන්නේ."

" ඔව් බං දැක්කම කන්න හිතෙනවා මාර කියුට් කෙල්ලො ටිකක්."

"වහ ගන්නවා හැකර කට. ඒක කියපු කැත. "

" මට හිතෙන්නේ ඒ කෙල්ලොන්ට මොකක් හරි ප්‍රශ්නයක් වගේ ටිකක් කලබල වෙලා වගේ එයාලා."

එහෙම කියලා චැන්‍යොල් ඒ කෙල්ලො ටික කතා කරන්නෙ මොනවද කියලා ඕපදූප හොයන්න ගියා.

" ඇයි එයාලට මොකද්ද වෙලා තියෙන්නෙ? " මටත් ඒක දැනගන්න ඕන උනා.

" මට හිතෙන්නේ අර වැටුන කෙල්ලගේ චේන් එකක්ද මොකද්ද එකක් නැතිවෙලා. "

" ඒක නැතිවෙලා තියෙන්නෙ එයා වැටුන වෙලාවෙදිද "

" මට හිතෙන්නේ ඒ වෙලාවෙදි තමයි... ඕ ක්‍යුන්ග්සුයා.. ක්‍යුන්ග්සුයා කොහෙද ඔය යන්නේ ටිකක් ඉන්න."

මට මොකක් උනාද කියලා තේරුන්නෑ . ඒත් ඒ කෙල්ලට මට ඒක හොයල දෙන්නම ඕන උනා. මට හිතුනේ ඒක මගේ වැරැද්දෙන් උනා කියලා. ඉක්මනට මම ඒ කෙල්ල වැටුන තැනට ගිහිල්ලා එතන අස්සක් මුල්ලක් නෑර හොයන්න ගත්තා. ඒක තිබුනේ ඊට ටිකක් එහායින් තිබුනු පඩිපෙලක් ගාව. මගේ හිතට ආපු සතුට කියා ගන්න බැරි තරම්. මම ඒකත් අරගෙන ඒ කෙල්ලට ඒක දෙන්න ගියා. යන අතරමග ඒ කෙල්ල ඉස්කෝලෙ පැත්තට දුවන් එනවා දැක්කා. මම ඒ කෙල්ලගේ අතින් අල්ලලා නවත්ත ගත්තා.

"චොගියෝ මේ චේන් එක ඔයාගෙද.. ? "

" ඔයාට කොහෙන්ද මේක හම්බුනේ?"

" අහ් ඕකද අපි එනකොට ඔයා වැටුන තැන ඕක වැටිලා තිබ්බා."

ඒක කිව්වා විතරයි ඒ කෙල්ල මාව බදාගත්තා. මේ කෙල්ලට මොනවා වෙලාද. මොනාද මේ කරන්නෙ. ඒත් මට ඒ කෙල්ලව ඈත් කරන්න හිත දුන්නෙත් නෑ.

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now