Chapter 20

131 32 5
                                    

Yeo jingoo's POV

මම ස්‍යෝ ජින්ව කොහොමහරි කිඩ්නැප් කලා. දැන් එයා ඉන්නෙ මං ගාව.

" අහ්නේ.. ප්ලීස් මට යන්න දෙන්නකො "

" මෙච්චර මහන්සි වෙලා ඔයාව මම කිඩ්නැප් කලේ එහෙම ලේසියෙන් යන්න දෙන්නද . ඔහොම ඉන්න "

මම එයාගෙ කටින් ආයිමත් ටේප් එක අලවලා එලියට ආවා.

" ඔයාද යෝ ජින්ගූ කියන්නේ ? "  කවුද දන්නැති කෙල්ලෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා.

" ඔයා කවුද ? "

" මම ඔයා කිඩ්නැප් කරපු කෙනාගෙ, ස්‍යෝ ජින්ගෙ යාලුවෙක් "

මම එයාව අල්ලලා එතන තිබ්බ බිත්තියට කරලා තද කලා.

" තමුන් මම ගැන ඔත්තු බැලුවද ? "

" අහ් .. මම කිය..න.. දෙ.. මුලින් අහන්න.. "

" හරි කියනවා "

මම එයාගෙ බෙල්ලෙන් අත ගත්තා. එයා ඊට පස්සෙ කැස්සා .

" මේකයි ....මම එයාගෙ යාලුවෙක් නෙවෙයි 😖. මම දවසක් එයාලගෙ කතාවක් අහන් හිටියා. ඒකෙන් තමයි මම ඔයා ගැන දැනගත්තේ. එදා ඉදන් මම එයාලගෙ පස්සෙන් ගියා. ඔයා ස්‍යෝ ජින්ව කිඩ්නැප් කරපු දවසෙත් මම එයාලව follow  කලා. මම දැක්කා ඔයා ස්‍යෝ ජින්ව කිඩ්නැප් කරනවා. ඉතින් මම ඔයාගෙ පස්සෙන් ආවා. බය වෙන්න එපා . මම ඔයා ගැන කාටවත් කියන්නෑ "

" මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ "

" මම ආවෙ ඔයාට උදව් කරන්න. මොකද මම දන්නව ඔයාට ඕන ස්‍යෝජින්ව, මට ඕන ක්‍යුන්ග්සූ ව "

" ඔහ් ... එහෙමද 🤨. ?. ඒත් මට දැන් ස්‍යෝ ජින්ව හම්බුනානෙ . මට දැන් කාගෙවත් උදව් ඕන නැ "

" ඒත් ස්‍යෝ ජින් තාමත් ආදරේ ක්‍යුන්ග්සූ ට . අපි දෙන්න එකතු වෙලා ඒ දෙන්නව වෙන් කරමුද "

"කොහොමද වෙන් කරන්නෙ අදහසක් තියෙනවද ? "

" මෙහෙමයි. ඔයා මාව පොඩිකාලෙ ඉදන්ම දන්න කෙනෙක් කියල හිතන්න . එතකොට ස්‍යෝජින්ට මම තමයි ඔයාව අදුන්නලා දුන්නේ. එතකොට දැන් ඔයාල ඉන්නෙ මෙහෙ නෙවෙයි දුර පලාතක. ඔය දෙන්නගෙ ෆොටොස් ඔයා මට නිතර නිතර එවන්න ඕන . එතකොට මම ඒවා ක්‍යුන්ග්සූ ට පෙන්නනවා. එතකොට එයාගෙ හිතේ ස්‍යෝ ජින් ගැන කලකිරෙනවා. එයා ස්‍යෝ ජින්ගෙන් ටිකෙන් ටික වෙන් වෙනවා. එතකොට කෙලින්ම ක්‍යුන්ග්සූ මගේ තමයි 😌"

ONLY YOU ( Completed ☑️)Where stories live. Discover now