🖤Part 6 🖤

1.3K 235 20
                                    

Han Eul prove 🥀

මේ දවස් ටිකේ ම මහන්සි වුන නිසා උදේ නැගිටින කොට මට නිකන් උණ වගේ. ඇගට හරිම අමාරුයි. ඒත් අද යන්නම ඕනේ නේ. ඒ නිසා මම අමාරුවෙන් හරි යනවා කියලා හිතාගෙන වොශ් එකක් දාගන්න ගියා.

බාත්රූම් එකෙන් මම එලියට ආවේ මගේ ෆෝන් එක රින්ග් වෙනවා ඇහුන නිසා. ෆෝන් එක ආන්සර් කරන්න හිතාගෙන මම බාත්රූම් එකෙන් එලියට ආවා. කෝල් එක ආවේ Ji hoon ඔප්පාගෙන්. එයාගෙන් කෝල් එන එක මට පේන්නම බැරි වැඩක් වුනත් මිශන් එකේ වැඩ නිසා මට ඒවාට ආන්සර් කරන්න වුනා.

" යොබ්සයෝ "

" ගුඩ්මෝනිනි බබා. ඔයා දැන්ද නැගිට්ටේ ??? "

" නෑ දැන් ටිකක් වෙලා "

" මොකද ඔයාට මොකක් හරි අසනීපයක්ද??? ඔයාගේ කටහඩත් අමුතුයි වගේ. "

මේ මනුස්සයාට මම කතා කරපු වචන දෙක තුනෙන් මම හොදින් නෙමෙයි කියලා තේරුම් ගන්න පුළුවන් වුනා නේ.

" නෑ නෑ මම හොදින් "

මම උගුර පාදන ගමන් කිව්වා.

" බොරුකාරී "

Ji hoon ඔප්පා එහෙම කියලා කෝල් එක කට් කලා. පුදුමයි..... මම ෆෝන් එක පැත්තකින් තියලා ලෑස්ති වෙන්න පටන් ගත්තා.

කන්න නම් කිසිම පිරියක් තිබ්බේ නෑ මට. ඒ නිසා ම කිරි එකක් හදාගෙන බොන්න ගත්තාට ඒකත් වැඩි වේලාවක් බොන්න වුනේ නැත්තේ Ji hoon ඔප්පාගෙන් ආයෙමත් කෝල් එකක් ආපු නිසා. ඒ ගමන මොකද දන්නේ නෑ.

" මොකද???? "

මම ෆොන් එක කනේ තියාගන්න ගමන් ඇහුවා.

" එලියට එන්න පොඩ්ඩක් "

මොකක් මේ මනුස්සයා එපාට්මන්‍ට් එක ඉස්සරහටවත් ඇවිත් ද???? බිබී හිටපු කිරි වීදුරුව පැත්තකින් තියලා මම ඉක්මනට ගියේ මේ මනුස්සයා කරන්න හදන නාඩගම බලන්න.

මම දොර ඇරගෙන එලියට යද්දී හිතුවා වගේම Ji hoon ඔප්පා එයාගේ මනමාල හිනාව දාගෙන මම එන දිහා බලන් හිටියා.

" යහ්හ්හ් ඔයා මොකද මෙතැන කරන්නේ??? "

මම ඇහුවේ වටපිට බලන ගමන්.

" අනේ amy ඔයා දැන් කොල්ලෙක් වගේමයි. ඒත් ඔයා කොල්ලෙක් නම් මම ඒ කොල්ලාටත් ආදරෙයි "

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now