🖤Part 2🖤

1.6K 304 30
                                    

Han eul prove 🥀

අපි Gocheok Sky Dome එකට ගියේ රාගෝස් අපිට භාර දුන්න අලුත් ම mission එක නිසා...... හැමදේකටම ලෑස්ති වෙලා මම වුබින්, සීනා, හේසු එක්ක අපේ වාහනේට වෙලා වේලාව එනකන් බලන් හිටියා. ටික වේලාවකින් සෙනග පිරිලා හිටපු Gocheok Sky Dome එක ඉස්සර එකපාරටම මිනිස්සු කුඹි ගුලක් ඇවිස්සුනා වගේ එහාට මෙහාට වුනේ එතැනට ආපු අලුත් ම වර්ගයේ කළු වෑන් එක නිසා. ඒ ආපු එක වාහනේක අපිට ඕන කරපු කෙනා හිටියා.

" අන්න ඉන්නවා අපිට ඕන කෙනා Amy. රාගෝස් මේ පාර Park shin hye ව අල්ලගෙන මොකක් කරන්න හදනවද මන්දා??? එයා මගේ ආසම actress 😫 "

හේසු කෑගහන්න ගත්තේ වාහනෙන් බැහැපු අපේ ඉලක්කය දැකලා. ඒත් එයාගේ වාහනේට පිටිපස්සෙන් ඇවිත් තවත් වාහන දෙකක් නැවැත්තුවා..... මෙහෙම බලන් ඉදලා බෑ ලගට යන්නම වෙනවා.

" අපි යමු "

මම කට්ටිය වැඩේ පටන් ගන්න අණ දුන්නා. මේ වැඩේත් ඉතිං කලින් කරපු වැඩ වගේම කාටවත් ආයේ දුවිල්ලක් වත් හොයා ගන්න බැරි වෙන්න කරන්න මම හිතා ගත්තා.

අපි වාහනෙන් බැහැලා කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්න අපේ ඉලක්කය ගාවට ගියා. ඒත් මේ එකපාරටම ආපු කළු වෑන් දෙකෙන් බැස්ස කොල්ලෝ ටිකව මෙතන ඉන්න සෙනග ඇවිත් වට කරගත්තේ ඇස් පිල්ලම් ගහන පරක්කුවට. මම පුළුවන් තරම් අපේ ඉලක්කය වෙච්ච park shin hye ගාවට ලං වෙන්න හැදුවත් අර වෑන් දෙකෙන් අන්තිමට ආපූ වෑන් එකේන් අන්තිමට බැහැපු කෙනා නිසා මට shin hye ව මග ඇරුනා. ඒත් මම සෙනග අතරින් shin hye ට ලං වෙන්න හැදුවත් මගේ ඇස් එකපාරටම නතර වුනේ අර වෑන් එකෙන් අන්තිම බැහැපු කොල්ලාගේ පිටිපස්සේ සාක්කුවේන් එලියට ඇවිත් තිබ්බ පර්සර් එක ලග. ඒක වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබ්බේ. කවුද මේ Amy ට පේන්න මේ විදිහට පර්සර් දාගෙන එන මෝඩයා 😒 ආපු වැඩෙත් අමතක වෙනවා මට සල්ලිකාරයන්ගේ පර්සර් දකිද්දී......

ඒ කොල්ලාත් සෙනග අස්සේ අතරමං වෙලා වගේ..... පොර බිම බලාගෙන ම ඉස්සරහට යනවා. මාත් එයාගේ පිටිපස්සෙන් ම ගියේ කොහොම හරි එයාට නොදැනෙන්න පර්සර් එකට වැඩේ දෙන්න. ටික දුරක් ගියාම මට පුළුවන් වුනා ඒ පර්සර් එක මගේ අතට ගන්න. ඒත් ඒ වේලාවේ එතැන සිද්ධ වුනේ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්. මේ Amy ට එහෙනම් අද වැරදුනා. පිටිපස්ස හැරෙන්නෙත් නැතුව මගේ අත අල්ල ගත්ත ඒ කොල්ලා හීනාවෙන ගමන් පිටිපස්ස හැරුනා. ඒත් ඒ හිනාව මාව දැක්ක ගමන් කොහේ ගියාද කියලා හොයා ගන්න බැරි වෙලා පුදුමෙන් එයාගේ ඇස් උඩ ගියා.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now