🖤Part 5🖤

1.3K 243 19
                                    

Han eul prove 🥀

මම හිටියේ අර ටේහ්‍යොන් කියන මනුස්සයාගේ දරදඩු අත්වලට හිරවෙලා. මේ මිනිහා මාව අදුරගෙනවත්ද????

" ඔහේ කව්ද ඇත්තටම ???? තමුසේ කව්ද කියනවා "

ටේහ්‍යොන් මුළු වොශ්රූම් එකම දෙවනත් වෙලා යන්න කෑ ගැහුවා. මම ඔහේගේ මාරයා. ඒත් දැන්ම මට ඒක ඔහේට කියන්න බෑනේ. මගෙන් කින්ඩියට වගේ හිනාවක් පිට වුනේ ඉබේටමයි.

ඇත්තටම ඔහේ කව්ද??? මොකටද මෙහෙට ආවේ????

මම ඒත් කිසි දෙයක් නොකියා කෙලින් ම එයාගේ මුණ දිහා බලන් හිටියේ එයාට සැකයක් නොහිතෙන්නයි. ඒත් එයා දිගටම කලේ මගේ ඇස් වලින් එයා දන්න Amy ව හොයපු එක විතරමයි.

" යා.... ටේහ්‍යොන්යා.... මොකක්ද ඔය කරන්නේ??? "

එහෙම කියාගෙන ආපු කෙනෙක් ටේහ්‍යොන්ව ඇදලා ගත්තා. ලොකු උගුලකින් බේරුනු සතෙක්ට වගේ මට ලොකු නිදහසක් දැනුනා. අතෙන් හිනීයට වගේ ආපු වේදනාවක් නිසා මම අත දිහා බැලුවාමයි දැක්කේ ටේහ්‍යොන් අල්ලන් හිටපු පාරට මගේ අත නිල් වෙලා.

" මාව අත ඇරපන් ජිමිනා. මට මෙයාව සැකයි. මම මේ වගේ කෙනෙක් දැකලා තියෙනවා "

ටේහ්‍යොන් ආයෙත් කෑගහන්න පටන් ගත්තා.

" ටේහ්‍යොන්යා.... කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ පොඩ්ඩක්. අපි එයාගෙන් ම අහලා බලමු එයා කව්ද කියලා..... සමාවෙන්න ඇත්තටම ඔයා කව්ද??? "

ටිකක් උස මුණ දෙපැත්තේ ඩිම්පල් දෙකක් තියෙන කෙනෙක් මගෙන් ඇහුවා. කට්ටියම
මං දිහා බලන් හිටියේ මාව කන්න වගේ.....

" ම්ම්... ම..ම මම රිකී "

එකපාරටම කටට ආපු නම කියලා දැම්මේ වෙන කරන්න දෙයක් නැති නිසා. තව වෙලා මෙතැන හිටියොත් මට බේරෙන්න වෙන්නේ නැති නිසා මම එයාලාට ඔළුව නමලා ආචාර කරලා එතැනනින් ආවා.

" යාහ්හ් කොහෙද යන්නේ ඔහොම ඉන්නවා "

මම එද්දී ටේහ්‍යොන් කෑගහන සද්දේ මට හොදට ඇහුනා. මම අඩිය ඉක්මන් කරලා එතැනින් පැන ගත්තා. කවදා වෙනකන් මෙහෙම පැනලා යන්නද😣

Time passed

" අහ්හ් ඔයාද අද අළුතින් එනවා කිව්ව කෙනා "

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now