🖤Part 14 🖤

1.1K 221 16
                                    

Ragos prove ☠️

ජි හුන්ගේ අවසන් කටයුතු කවදාහරි මගේ අත් දෙකෙන් කරන්න වෙයි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ. ජිවිතේ ලස්සනම කාලේ පහු කරන ගමන් හිටපු ඒ අහිංසකයාට මෙච්චර ඉක්මනට හැමදේම අත ඇරලා දාලා යන්න වුණා කියලා කොහොමද විශ්වාස කරන්නේ??? මට තාම විශ්වාස කරන්න බෑ මේ මෙතැන පොලොව යට ඉන්නේ පොඩි කාලේ ඉදලා මං ලගින් හිටපු මගේ කියලා කියන්න පුළුවන් වුන එකම නෑ කමක් තිබ්බ කොල්ලා කියලා.

මම දන්නවා කොහේ හරි ඉදන් මං දිහා බලාගෙන හරි ලස්සනට ඒ මුණේ කොයි වෙලෙත් ඇදෙන අහිංසක හිනාවෙන් මං දිහා බලන් ඇති..... ඔයාට පුදුම ඇති නේද ජි හුන්. මෙච්චර කාලයක් ඔයා ලග ඉද්දී මම පෙන්නපු නැති ආදරයක් ඔයා නැති වුනාට පස්සේ කොහොමද ආවේ කියලා. පිරිමි හිත් ආදරේ පෙන්නන්න ලෝභයි කොල්ලෝ. උඹ වගේ හිතේ තියෙන ආදරණීය බව පිටට පෙන්නන පිරිමි හරි අඩුවෙන් තමයි දෙවියෝ මවන්නේ. ඒ ආදරණීය කම ම උඹට මෙහෙම කරයි කියලා උඹවත් හිතන්නේ නැතුව ඇති....

මගේ ඇස් වලින් කදුළු කඩන් වැටුනේ ඒ ආදරණිය හිත මීට පස්සේ මං ගාව මට පේන්න නෑ නේද කියලා මතක් වෙද්දී. මම හොද මිනිහෙක් නෙමෙයි. මට මං පණ වගේ ආදරේ කරපු කෙනාට හොද මිනිහෙක් වෙන්න බැරි වුනා. මට මගේ ලෙයින් ඉපදුන ළමයාට හොද තාත්තෙක් වෙන්න බැරි වුනා. මට මගේ අක්කාට හොද මල්ලීයෙක් වෙන්න බැරි වුනා. ජි හුන්!!!!!මට උඹට හොද මාමා කෙනෙක් වෙන්නත් බැරි වුනා. මියානදා ජි හුයාහ්හ්හ මියානදා 💔

ජි හුන් ගේ සොහොන් කොත ඉස්සරහ මම දැන් පැය ගානක ඉදන් ඉන්නේ වෙච්ච දේවල් නිසා මට නැති වුන වටිනාම දෙයක් ගැන දුක් වෙන ගමන්. මම දන්නවා මම දැන් කොච්චර හිතුවත් ඇඩුවත් ඒ අහිංසකයාට ආයේ මේහෙට එන්න බෑ කියලා. ඒ ගැන මතක් වෙද්දී මගේ හිතට ලොකු තරහක් ආවේ ඉබේටමයි. ඒ අහිංසකයාට මෙහෙම කරපු උන් ගෙන් පලිය අරගෙන මිසක් මම ආයේ පස්ස බලන්නේ නෑ. ඔව් මම මේකේ පලිය ගන්නවාමයි.

" බොස්, බොස් ව හම්බ වෙන්න කෙනෙක් ඇවිල්ලා "

ටික වේලාවකින් එහෙම කියාගෙන මං ලගට ආවේ Mr. Lee. මම හෙමින් සැරේ ඔලුව උස්සලා බැලුවේ ඒ කව්ද කියලා බලන්න. කිම් ටේහ්‍යොන් !!!! මගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ මටත් නොදැනීමයි.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now