🖤Part 3🖤

1.4K 280 15
                                    

Ragos prove ☠️

මතක ඇති කාලේක ඉදලා මම කලේ හොරකමයි මැරකමයි. මට ඒ දේවල් වලින් ගැලවෙන්න වුවමනා වුනත් ඒ වගෙන් ගැලවෙන්න හදන හැම වේලාවේම කලින්ටත් වඩා ඒවා එක්කම මාව හිර කරන ප්‍රශ්න විතරමයි මගේ ජිවිතේ මට ආවේ. ඔව් මම දැන් තේරුම් අරන් ඉන්නේ.... මේක තමයි මට උරුම ජිවිතේ. මේකෙන් මට ගැලවීමක් නෑ. ඒක තමයි ඇත්ත.

ජිවිතේ අපි හැමෝටම අපේ ජිවිතේ ජිවත් කරවන කෙනෙක් කවදාම හරි හම්බ වෙනවා. ඔව් මටත් හිටියා එහෙම කෙනෙක්. මාව ජිවත් කරවපු ඒ ආදරෙන් එයාගේ එක බැල්මකින් මුළු ආත්මයම එයා ඉස්සරහ කඩන් වැටෙන තරමට එයාට ම අවනත වුණ. ඒත් ලොකු කාලෙකට ඒ ඇස්, ඒ අහිංසක කම මගේ කරගන්න මට බැරි වුනේ මගේ මේ කාලකණ්ණි ජිවිතේ නිසාමයි.

Yoon juyahh 💔 මගේ පලවෙනි ආදරේ. මේ හිතුවක්කාර හිත නැවතුන එකම තැන. Yoon juyahh බොගොශිප්පෝ 💔😣 ඇයි මාව දාලා ගියේ. ඔයා ගියේ මට ඔයා වෙනුවට දෙයක් දීලා..... ඒත් අදටත් මට ඒ දේ හොයාගන්න බැරුව මම අසරණ වෙලා ඉන්න තරම ඔයා දන්නවද yoon juyahh 💔😣 අවුරුදු 23ක්...... ඒක ලේසිපාසු කාලයක් නෙමෙයි. මම තාම හොයනවා ඔයා මට දීලා ගිය ඒ මැනික❤️ ඒත් මේ රාගෝස්ට මේ ලෝකේ තාම හොයා ගන්න බැරි වුන එකම දේ අපි දෙන්නාගේ ඒ මැනික විතරයි  yoon juyahh 😣 ඇයි එහෙම වුනේ අපිට 💔

" බෝස් අපිට කරදරයක් "

මම හරි සිහියට ආවේ Mr. Lee කෑගැහිල්ලට. ඒ ගමන මොකක්ද???

" බොස් Amy ව අහු වෙලා "

ඒ කියපු  දේ ඇහුවාම මගේ ඇග ඇතුලේ හෙනයක් පිපිරුවා වගේ වුනා. කොච්චර හිතුවක්කාර වුනත් මට කොයි විදිහට සැලකුවත් Amy ට මගේ හිතේ තිබ්බේ පුදුම බැදීමක්. හැමෝම කියනවා වගේ මම එයාට සැලකුවේ මගේම දුවේකුට වගේ. සමහර විට මම අවුරුදු 23 ක් පුරා හෙව්ව මගෙයි yoon juyahh ගෙයි මැනිකත් මේ Amy ත් එකම වයසේ වගේ නිසා මට මගේම දුව කියලා මෙයාව දැනෙනනවා ඇති. එදා පාරේ අයිනක අඩ අඩ හිටපු ඒ චුටි කෙල්ලව මේ කරුම ගොඩේ පටලන්න මට වුවමනාවක් තිබ්බේ නැති වුනත් මට වෙන කරන්න දෙයක් තිබ්බෙර් නෑ.

" බොස් අපි දැන් මොකද කරන්නේ??? "

Mr. Lee ගේ කෑගැහිල්ල නිසා මම කල්පනාවෙන් එලියට ආවා.

You got the best of me ✨ [ Completed ] KTH FFHikayelerin yaşadığı yer. Şimdi keşfedin