🖤Part 10🖤

1.3K 243 18
                                    

Han eul 🥀

" Amy "

ටේහ්‍යොන්ගේ කටහඩින් ඒ නම ඇහෙද්දී මාව එකපාරටම වගේ ගල් ගැහිලා ගියේ සර්වාංගයම පණ නැති කරන ගමන්.... මෙච්චර දවස් මම හැමෝගෙන්ම හංගන් හිටපු ඒ රහස තව දුරටත් ටේහ්‍යොන් ට රහසක් නෙමෙයි කියලා ඒ වචනේ ඔප්පු කලා. මොනවා කරන්න්ද මොනවා කියන්නද කියලා හිතා ගන්න බැරුව මම අසරණ වුනා.

" Amy මම ඔයාට ආදරෙයි. මුළු underworld එකම හොල්ලපු රාගොස්ගේ දකුණු අත වුන amy. ඔව් මම ඔයාට ආදරෙයි. මට වැඩක් නෑ ඔයා කව්ද කියන එක. මට ඕනේ ඔයාව විතරයි. "

එහේම කියපු ටේහ්‍යොන් මං ගාවට ඇවිත් මාව ඒ උණුහුමට ලං කරගත්තේ ලොකු ලෙන්ගතු කමකින්. කවදාවත් පිරිමියෙක්ට මෙච්චර හිතින් තියා ගතින් වත් ලං වුනේ නැති මම ඒ ලැබුන උණුසුම් හාදුවට වශී වුනා. මට දැනුනේ ගල් හිතක් තිබ්බ amy දැන් මෙලෙක් හදවතක් තියෙන ආදරේ ම හොයන කෙනෙක් වෙලා වගෙයි. ටේහ්‍යොන්!!!!! ඔයා මාව සම්පුර්ණයෙන් ම වෙනස් කරලා ❤️

එදා ඉදලා මගේ ජිවිතේ වෙනස් වුනේ මටත් හොරා...... හැමවෙලාවේම ටේහ්‍යොන්ගෙන් තොර ලෝකයක් මට තිබ්බේ නෑ. කොයි වේලාවෙත් මේ හිත ඇතුලේ දගකලේ වෙලාවකට සෙල්ලක්කාර, වෙලාවකට හිතා ගන්නවත් බැරි විදිහට කියුට් වෙන ඒ ටේහ්‍යොන් ම විතරයි. ඒත් මට එයාට මූණ දෙන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මට දැනුනේම මම කරන්නේ වැරදි වැඩක් කියන හැගීම. ටේහ්‍යොන්ට මගේ හිතේ තියෙන හැගීම් නොපෙන්වා ඉන්න මම තීරණේ කලේ ඒකයි. හැමවේලාවේම එයාව අකැමැත්තෙන් හරි මට මග අරින්න සිද්ධ වුනා.

හැමදාම වගේ මම පැක්ට්‍රිස් ගියේ ටේහ්‍යොන් ව බලන්න ඕන වුන නිසාමයි. මට වෙන කිසි ම දෙයක් කරන්නේ නැතුව එයා දිහා බලන් ඉන්න විතරයි ඕන වුනේ. ඒත් එකපාරටම එයා මං දිහා බලද්දී කලබල වෙලා අහක බලාගත්තේ ලැජ්ජාවෙන් මූණ රතුවෙන අතරේමයි.

පැක්ට්‍රිස් ඉවර වෙලා මම මගේ බඩු ටික බෑග් එකට දාගෙන යන්න ලෑස්ති වෙලා රූම් එකේ දොර ලගට යද්දී එකපාරටම මගේ ඉස්සරහට ආවේ ටේහ්‍යොන්. ඒ වෙද්දී රූම් එකේ හිටියේ මම විතරයි. මාව දැක්කගමන් සෙල්ලක්කාර විදිහට තොලත් හපාගෙන ටේහ්‍යොන් මං ලගට එද්දී මම කලේ එයා දිහා බලාගෙන පස්සෙන් පස්සට ගිය එක විතරයි. එකපාරටම මගේ අතින් ඇදලා අරගෙන මාව බිත්තියට හේත්තු කරගත්ත ටේහ්‍යොන් එයාගේ තොල හපාගෙනම මගේ මූණට එබුනා.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now