🖤Part 4 🖤

1.4K 264 21
                                    

Han eul prove 🥀

රාගෝස් කියපු කිසි දෙයක් මට තේරුනේ නෑ. අනිත් හැමෝම මම කෙල්ලෙක් නිසා මට කරන්න බෑ කියන මේ mission එක රාගෝස් මට කරන්නලු. ඒ කොහොමද???? වෙන දෙයක් වුනානම් මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ඒත් මේ ටේහ්‍යොන් කියන කොල්ලා එක්ක මට කරන්න වෙන අලුත් සෙල්ලම මොකක්ද??? අන්න ඒකයි මට තියෙන ලොකු ම ප්‍රශ්නේ.

" ඒත් Amy කෙල්ලෙක්. එයා කොහොමද කෙල්ලන්ට යන්න බැරි ඒ කම්පැනි එකට backup dancer කෙනෙක් විදිහට යන්නේ..... "

Ji hoon ඔප්පාගෙන් මට ඇහුනේ මාව තවත් පුදුම කරවන කතාවක් 😳

" backup dancer මේ මම ??? කොහේත් ම බෑ. මම කවදාද නැටුවේ. මේ මොන විකාරයක් ද? එතකොට මම දැන් නටන්නත් ඉගෙන ගන්න ඕනේ ද ??? වාහ්හ්හ් මෙහෙම විකාරයක් කරනවාමයි මේ "

මම කියවගෙන ගියේ පිස්සුවෙන් වගේ. ඇත්තටම මේ වෙන දේවල් මට නම් හිතා ගන්න බෑ.

" ඔව් බොස් මේ වැඩේ අපි කරලා තියෙන අනිත් වැඩ තරම් ලේසි දෙයක් නෙමෙයි. Bighit කියන්නේ මුළු ලෝකේම දන්න කම්පැනි එකක්. ඉතිං අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. "

Mr. Lee හෝ ගාලා කියවනවා රාගෝස් ට මේකේ බරපතල කම තේරුම් කර වන්න. ඒත් වැඩක් නෑ වගේ.

රාගෝස් ඉදගෙන හිටපු තැනින් නැගිටලා ගියේ මටත් එයා එක්ක එන්න කියලා ඉගි කරන ගමන්..... මොන විකාරයක් මෙයා මේ පාර නටන්න හදන්නේ.....

රාගෝස් කෙලින් ම ගියේ එයාගේ රෑම් එකට. මේකට ඇතුල් වෙන්න අවසර තිබ්බේ Mr. Lee ටයි මටයි විතරයි.

" ඇත්තටම ඔයා මොකක්ද මේ පාර නටන්න හදන නාඩගම රාගෝස්. ඔය වැඩේට ඔයාට යවන්න වෙන කොල්ලෝ ඇත්තේම නැද්ද??? "

රාගෝස් පස්සෙන් ගිහින් රෑම් එකට ඇතුල් වෙච්ච ගමන් මම කෑගැහුවා. රාගෝස් කෙලින් ම ගිහින් නැවතුනේ කාමරේ තිබ්බ ලොකු ජනේලය ගාව.
කලිසම් සාක්කු දෙකට අත් දාගෙන එයා ජනේලෙන් එලිය බලාගෙනයි හිටියේ.

" ඔයා කවද ඉදන්ද ඔයා කෙල්ලෙක් කියලා හිතන්න පටන් ගත්තේ ??? "

රාගෝස් ඇහුවේ මං දිහාවට හැරෙන ගමන්.....

" අහ්හ් "

මට දැනුනේ මම ගොළු වෙලා වගේ. ඇත්තටම මම කෙල්ලෙක් වෙලා ඉපදුනාට රාගෝස්ට එකතු වුනාට පස්සේ කෙල්ලෙක්ට තියෙන්න ඕන සුකුමාල , හුරුබුහුටි ගති මගෙන් ඈත් වෙලා ගියා. ඇත්තටම මම කෙල්ලෙක් කියන එක මට අමතක වෙන තරමට ම මම මේ ජිවිතේ ට හුරු වුනා.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now