🖤Part 9🖤

1.2K 249 27
                                    

Han eul prove 🥀

ජිවිතේ කියන්නේ පුදුමාකාර කතන්දරයක්. මගේ ජිවිතේ මං කවදාවත් ලොකු ලොකු දේවල් වලට ආස කරපු කෙනෙක් නෙමෙයි. ඒත් දැන් දැන් මම ජිවිතේ පලවෙනි වතාවට එක දෙයකට ආදරේ කරන්න, ඒ දේ ලබාගන්න මාන බලනවා වගේ මට දැනෙනවා. ඒ වෙන කිසි දෙයක් නෙමෙයි ටේහ්‍යොන්ගේ ආදරේ ❤️ ඔව් මම ඒකට පිස්සු වැටිලා ඉවරයි. ඒ ආදරේට ඒ උණුසුමට ඒ හුරතල් හිනාවට සමහර වෙලාවට මාව පුච්චලා අළු කරලා දාන්න පුළුවන් වුණ ඒ සරාගී බැල්මට මම ඇත්තටම පිස්සෙක් වගේ ආදරේ කරන්න පටන් අරන් ඉවරයි.

ඊයේ රෑ නොහිතපු වෙලාවක ටේහ්‍යොන්ගෙන් ලැබුණ හාදුව නිසා මම කොයිතරම් කලබල වුනාද කියනවා නම් මගේ පපුව ගැලවීලා බිමට වැටෙන්න තරම් හයියෙන් ගැහෙන්න ගත්තා. ටේහ්‍යොන් එයාගේ හිතු මනාපේට මගේ තොල් උඩ දගදාද්දී මං මගේ පලවෙනි හාදුවේ පහස හෙමින් විද ගන්න උත්සාහ කලා. ටේහ්‍යොන් මේ විදිහට හැසිරෙන්නේ එයා හොදටම බීලා හිටපු නිසා නම් ඒක ප්‍රශ්න නොවෙන්න පුළුවන් වුනත් එයා ඇත්තටම මං ගැන නොදැන මම කොල්ලෙක් කියලා හිතාගෙන මෙහෙම හැසිරෙනවානම් මම ඇත්තටම මොකක්ද කරන්න ඕනේ කියලා මට හිතා ගන්න බැරි වුනා. මම කෙල්ලෙක් කියලා ටේහ්‍යොන් දැන ගත්තොත් ඊයේ වුණ දේ ගැන එයා පසුතැවෙයිද කියන ගැටළුව මට ආවා.

කොහොම වුනත් මට ටේහ්‍යොන්ට ඇත්ත කියන්න පුළුවන් කමක් තිබ්බේ නැති නිසා රහස රහසක් විදිහට ම තියාගන්න මම තීරණය කලා.

ඊයේ රෑ ටේහ්‍යොන් මගේ එපාට්මන්‍ට් එකේම නිදාගත්තා. එයාට එයාගේ එපාට්මන්‍ට් එකට හරි dorm එකට හරි යන්න පුළුවන් විදිහේ සිහියක් තිබ්බේ නැති නිසා මම සෙටියේම එයාට නිදාගන්න දීලා මගේ කාමරේට ගිහින් නිදාගත්තා. නිදා ගත්තා කිව්වාට මම මුළු රෑම ඇහැරිලා කල්පනා කරපු තරම දන්නේ මම විතරයි. ටේහ්‍යොන් මේ විදිහට එකපාරටම හැසිරෙන්න හේතුව ඇත්තටම හිතා ගන්න අමාරුයි.

උදේ නැගිටලා මම කෝකටත් කියලා කාමරේ දොරෙන් එලියට ඔළුව දාලා බැලුවේ ටේහ්‍යොන් ඇහැරිලාවත්ද කියලා. මොන??? තාමත් හොදට නිදි.

මම ඉක්මනට kitchen එකට ගිහින් කිරි එකක් ටේහ්‍යොන්ට එක්කම හදන්න පටන් ගත්තා. ඒත් එකපාරටම ඉස්සරහ දොරේ බෙල් එක වදින්න ගත්තේ මගෙර් දෙලොව රත් වෙන ගමන් 😱 හපොයි දෙයියනේ මේ වෙලාවේ කව්ද මෙහෙ එන්නේ.....

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now