🖤Part 15 🖤( Final part )

1.8K 328 65
                                    

Kim Taehyung Prove 🐯

මට හැමදාම ඕන වුනේ මගේ ලගින් ඉන්න අය සතුටින් ඉන්නවා දකින්නයි. Eul මගේ ජිවිතයට ආපු දවසේ ඉදලා මට ඕනේ වුනේ ඒ හිතුවක්කාර ඇස් සතුටින් දිලිසෙනවා බලන්නයි. අද මම ඒ වෙනුවෙන් පොඩිම හරි දෙයක් කලා කියලා මට දැනුනේ eul ගේ අප්පා, ඒ කියන්නේ මුළු underworld එකම හොල්ලපු රාගෝස්ගේ ඇස්වල තිබ්බ සතුටු කදුළු දැක්කාට පස්සේ......

මෙච්චර දවසක් තමන් ලග ඉදලත් තමන්ගේ දුව ව අදුරගන්න බැරි වුන එක ගැන රාගෝස් ගොඩක් පසුතැවුනා. කොච්චර නරක මනුස්සයෙක් වුනත් ඒ වෙලාවේ මම රාගෝස්ගෙන් දැක්කේ, දරු කැක්කුම නිසා මෙච්චර කාලයක් දුක් විදපු තාත්තා කෙනෙක්වයි.

" කුමාවෝ ටේහ්‍යෝන්..... ඔයා නිසා මට මගේ දුව ගැන දැනගන්න ලැබුනේ. මෙච්චර දවසක් මම ගත කරපු මේ කරුම ජිවිතේ දැන් මට අත අරින්න පුළුවන්. මම අද ඉදලා මගේ දුවට හොද තාත්තෙක් වෙනවා. කුමාවෝ ටේහ්‍යෝන් ඔයාට. මගේ ජිවිතේ මට ආයේ ගෙනත් දුන්නාට "

මගේ අත් දෙක අල්ලගෙන රාගෝස් අඩ අඩ කිව්වා. ඒ ඇස්වල සතුට ඉතිරිලා පිරිලා ගිහින්. ඇත්තට ම අද ඉදන් eul ටත් එයාගේ තාත්තා එක්ක සතුටින් ඉන්න පුළුවන් කියලා මතක් වෙද්දී මටත් ලොකු සතුටක් දැනුනා.

Time passed

රාගෝස් ව හම්බ වෙලා මම ආයේ හොස්පිට්ල් එකට යනගමන් හිටියේ. කාර් එකට නැගලා ෆෝන් එක ගනිද්දීයි දැක්කේ battery dead වෙලා ෆෝන් එක ඔෆ් වෙලා කියලා. මම ෆෝන් එක කාර් එකේ චාජ් එකට ගහලා වාහනේ අරගෙන ඉස්සරහට ගියා. චාජ් වෙන්න ගැහුවාට පස්සේ ෆෝන් එක ඔන් වෙනවත් එක්කම msg alert ගොඩක් එක දිගට එන්න පටන් ගත්තා. ජිමින්ගේ කෝල්ස් 60ක්. ඒ වගේම අනිත් අයත් මට ගොඩක් කෝල්ස් අරන් තිබ්බා. ඇයි මේ හදිස්සියක් ද දන්නේ නෑ. Eul ට සිහිය ඇවිත්ද දන්නේ නෑ. පාරේ අයිනට කරලා වාහනේ නවත්තපු මම ෆෝන් එක අරගෙන ජිමිනාට කෝල් ගත්තේ හොද ආරංචියක් බලාපොරොත්තුවෙන්.

" යහ්හ්හ් ඔහේ කොහේද හිටියේ මෙච්චර වෙලා. "

ෆෝන් එක ආන්සර් කරපු ගමන් ජිමිනා මට කෑගහන්න පටන් ගත්තා.

" මියානේ ජිමිනා. මම මේ පොඩි වැඩකට එලියට ආවා. මම මේ හොස්පිට්ල් එකට යන ගමන් ඉන්නේ. ඔයා කොහේද හොස්පිට්ල් එකේද ඉන්නේ. Eul ට කොහොමද දැන්??? "

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now