🖤Part 1🖤

2.8K 349 29
                                    

Han eul prove 🥀

වෙලාව උදේ 9.00 යි. Black hoodie එකයි, black denim එකයි ඇදගත්ත මම black cap එකතුත් දාගෙන apartment එකෙන් එලියට බැස්සේ මගේ සුපුරුදු රාජකාරිය අරඹන්න හිතාගෙන..... Hoodie එකේ සාක්කුව ඇතුලේ තිබ්බ යොලිපොප් එකක් අරන් කටේ දාගෙන seoul පැත්තට යන්න පටන් ගත්තේ කිසිදු හැගීමකින් තොරවයි.

ටික දුරක් යද්දී මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. ස්ක්‍රීන් එකේ තිබ්බ නම දැකලා මට තරහා ගියා.

" ආයිෂ්...... උදේ පාන්දර වද දෙන්න හදන්නේ "

කෝල් එක කට් කරපු මම ආයේ මගේ ගමන යන්න පටන් ගත්තා. ෆෝන් එක සාක්කුවට දැම්මා විතරයි මැසේජ් එකක්.... ආය ෆෝන් එක අතට ගත්ත මම බැලුවේ මැසේජ් එක ආවේ කාගෙන් ද කියලා. මැසේජ් එක ආවේ ඉස්සල්ලේ ආපු කෝල් එක ගත්ත කෙනාගෙන් මයි. ඒ ji hoon....

" අනේ Amy ප්ලීස්.... ෆෝන් එක ආන්සර් කරන්නකෝ. මට ඔයාගේ කටහඩවත් අහන්න දෙන්න "

ස්ක්‍රීන් එක ඔෆ් කරලා මම ආයෙත් ෆෝන් එක සාක්කුවට දාගන්න හදනකොටම මෙන්න ආයෙත් මේ මගුල රින්ග් වෙනවා 😡 ෆෝන් එක ආන්සර් කරපු මම මුකුත් නොකියා ෆෝන් එක කනේ තියා ගත්තා.

" යො..බ්..ස.යෝ.... මගේ  මැනික... ඔ..යාට ම..ං කිය..න..දේ ඇ..හෙන..ව..ද.. මැනික..."

මේ උදේ පාන්දර මේ මිනිහා කට ගොන්නක් බීගෙනද??? ශිට් 😡

" අහගෙන ඉන්නේ "

" ඔයා හැමදාම කලේ.... ඕක නේ රත්තරන්.... ඔයා හැම...දාම මං කියන... දේ අහන් ඉන්න....වා විතරයි.... කවදාව....ත් ඒවා...ට උත්තර දෙ..න්නේ නෑ... ඇයි Amy ඔයා.. ම..ට මෙහෙම කරන්නේ..... දැන් අවුරුදු කීය..ක ඉදන්ද ම..ම ඔයා...ට ආ..ද..රේ කර..න්නේ??? ඇයි.. මාව.. තේරුම් ගන්නේ... නැත්තේ..... "

හැමදාම එකම බණේ අහලා මට දැන් තිත්තයි. ෆෝන් එක පොලේ ගහලා දාන්න තරම් කේන්තියක් ආවත් මම බෝහෝම ඉවසීමෙන් කතා කරන්න උත්සාහ කලා.

" මං තියනවා මට වැඩ තියෙනවා. "

එහෙම කියලා මම කෝල් එක කට් කරලා ෆෝන් එක ඔෆ් කරලා සිම් එකත් ගලවලා ඒ ඔක්කොම පාරේ අයිනට විසිකලා. මම මෙහෙම කරපු කී වෙනි ෆොන් එකද මේ 😒 මට දෙයක් එපා වුනාම මම ඒ දේ දකින්න තියා මතක් වෙනවාටවත් කැමති නෑ. ඒ නිසා මං ඒ දේ සම්පුර්ණයෙන් ම අයින් කරලා දානවා ඒ දේ මොකක් වුනත්. ඒත් මට අයින් කරගන්න බැරි වෙච්ච එක ම දේ Ji hoon විතරයි. මම එයාගෙන් කොච්චර පැනලා යන්න හැදුවත් මට ඒ දේ කරගන්න බැරි වුනා. Underworld එකම හොල්ලපු Amy  ට බැරි වෙච්ච එකම දේ......

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now