🖤Part 8🖤

1.3K 256 35
                                    

Han eul prove 🥀

දැන් දැන් මම කරන සමහර වැඩ ගැන ඇත්තටම මටත් පුදුමයි. කිසිම දවසක පිරිමියෙක් ගැන හිතනවා තියා පිරිමියෙක් දකිද්දීත් කේන්ති ගිය මම දැන් ටේහ්‍යොන් ගැන හරියට වද වෙනවා වගේ මට දැනෙනවා. ඊයේ රෑ පුරාම මම ටේහ්‍යොන් ට තුරුල් වෙලා නිදාගෙන හිටියා කියලා මතක් වෙද්දී මට දැනුනේ පුදුම සතුටක්. ඒත් මම ඒ සතුට සතුටක් විදිහට බාර ගන්න පොඩ්ඩක්වත් කැමැති වුනේ නෑ. ඒත් මගේ හිත හැමතිස්සේම හිතුවේ ටේහ්‍යොන් ගැන. මගේ ඇස් හැමතිස්සේම හෙව්වේ ටේහ්‍යොන් ව 🥺 මට මේ හැගීම් ලොකු බරක් දැනෙනවා.

ඊයේ උණ හැදිච්ච මම ටේහ්‍යොන් ලග හිටපු නිසා එයාටත් උණ හැදිලා වගේ උදේ ඉදන් ම අමාරුවෙන් හිටියේ. මගේ හිත කිව්වේම මං නිසා එහෙම වුනා කියලා. ඒ නිසා මම ඒ වරදකාරී හැගීමෙන් බේරෙන්නත් එක්කම එයාව එක්කන් එයාගේ එපාට්මන්‍ට් එකට ඇවිත් එයාට උදව් කලා.

එයාව ඇදෙන් නිදි කරවලා එයාට පෙරවන රෙද්ද පෙරවලා මම යන්න හැදුවේ එයාට බොන්න සුප් එකක් හදනවා කියලා හිතාගෙන........ ඒත් එයා මාව අල්ලගෙන ඉක්මනට එන්න කිව්වාම මගේ මුණෙන් මනමාල හිනාවක් පිට වුනේ ඉබේටමයි. මගේ මුණෙන් රස්නෙකුත් දැනෙන්න ගත්තා. මම කාමරේන් එලියට ඇවිත් මගේ අත් දෙකෙන් කම්මුල් දෙක අල්ලගෙන කල්පනා කලේ මගේ මේ වෙන වෙනස ගැන. මටත් හිතා ගන්න අමාරුයි ඇත්තටම මේ වෙනස 🙈❤️

Time passed

සුප් එකක් හදන්න බඩු මුකුත් තිබ්බේ නැති නිසා මම සුපර්මාර්කට් එකට ගිහින් බඩු ටිකක් අරගෙන එන්න ගියේ පුදුම සතුටකින්. මීට කලින් කවදාවත් මට මේ වගේ සතුටක් මේ වගේ හැගීමක් දැනිලා තිබ්බේ නෑ. මුලින් ඒ හැගීමට මම කැමැති නෑ වගේ හැසිරෙන්න උත්සාහ කලත් මට තේරුනා ඒක බොරු වැඩක් කියලා. මගේ හිත පුරාම තිබ්බේ ඒ අමුතු හැගීමම විතරයි ❤️

මම බඩු ටිකත් අරගෙන ටේහ්‍යොන් ගේ එපාට්මන්‍ට් එක ලගින් ගිහින් කාර් එක නතර කරද්දී තව කාර් එකක් ඇවිත් නතර කරලා තිබ්බා. මම හිතන්නේ ගෘප් එකේ අනිත් අයත් ඇවිත් ද කොහේද??? එහෙම හිතාගෙන මම බඩු ටිකත් අත් දෙකෙන් උස්සගෙන එපාට්මන්‍ට් එක ඇතුලට යද්දී මම දැක්කේ මම ඒ වෙලාවේ දකින්න හීනෙකින්වත් හිතපු නැති දෙයක්. Living room එකේ ටේහ්‍යොන් ව බදාගෙන ගර්ල් කෙනෙක් ඉන්නවා දැක්කාම මගේ අත් දෙකේ තිබ්බ බඩු මගේ අතින් ගිලිහිලා ගියේ මටත් නොදැනීමයි. ඒ සද්දේට ඒ ගර්ල් ගැස්සිලා පිටිපස්ස හැරිලා මාව දැකලා මං ලගට ඇවිත් බඩු ටික ඇහිදින්න මට උදව් කලා. එයා හරිම ලස්සන කෙනෙක්. මෙයා කව්ද??? කිසිම හැගීමක් නැතුව ටේහ්‍යොන් ටික වේලාවක් මං දිහා බලන් ඉදලා ආයේ කාමරේ පැත්තට ගියා.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now