🖤Part 7🖤

1.3K 245 10
                                    

Han eul prove 🥀

කාලෙකින් කාගෙන් හරි ගුටි කෑවාම ඇගට දැනෙන අමාරුව උදේ නැගිටිද්දී මගේ ඇගෙන් දැනෙන්න ගත්තා. ඇස් දෙක අරිද්ද හැමතැනම බොද වෙලා වගේ පෙනුනත් මේ මම වෙනදාට නිදාගන්න තැන නෙමෙයි කියලා තේරුම් ගන්න මට මහ වෙලාවක් ගියේ නෑ. මම ඊයේ දවසේ අන්තිමට මොකද වුනේ කියලා හිතන්න පටන් ගත්තේ ඇස්දෙක ඇරගෙන අවට හරියට දකින්න උත්සාහ කරන ගමන්.

ඊයේ මම පැක්ට්‍රිස් ඉවර වෙලා වොශ්රූම් ගියා. මම හිටියේ ඇගට කිසිම පණක් නැතුව මල මිනියක් වගේ. ඇගට උණ ගතියක් දැනුනා වගේම පපුව වැහෙන්න තදින් බැදලා තිබ්බ රෙදිපටි නිසා මට හුස්ම ගන්න අමාරුවක් දැනුන නිසා මම වොශ්රූම් ගිහින් ටිකක් රෙදිපටි ලිහිල් කරගන්න උත්සාහ කලේ. වොශ්රූම් රූම් එකේ ඉදලා එලියට එද්දී මම දැක්කේ වොශ්රූම් එක ලග එහාට මෙහාට ඇවිදින ගමන් කල්පනා කර කර හිටපු ටේහ්‍යොන් ව. එයා එතැන ඒ වේලාවේ මොනවා කලාද කියන්න මම දන්නේ නෑ. හැබැයි එයා ගොඩක් කලබලෙන් ඉන්නේ කියලා මට තේරුනා. ඒත් ඒ වෙලාවේ මම හිටපු තත්ත්වේ එක්ක මට එයා ගැන හොයන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. මට ඕන වුනේ ඉක්මනට මෙතැනින් පිටවෙලා එපාට්මන්‍ට් එකට යා ගන්න. ඒත් ටික දුරයි යන්න හම්බ වුනේ මගේ මුළු ඇගම පණ නැතුව මාව වැටුනා මට මතකයි. ටේහ්‍යොන් කෑගහගෙන මං ළගට ඇවිත් මාව උස්සගත්තා වගේත් මතකයි. ආයිෂ්...... ඉවරයි 😬

ඊටපස්සේ මම දැක්කා එයා කාටද මන්දා කලබලෙන් කෝල් ගන්නවා. මම ඒ වෙලාවේ හිටියේ හරිම අමාරුවෙන්. මම හිතුවේ මම මැරෙයි කියලා. ටික වේලාවකට මගේ ඇස් දෙක පියවුනේ අමාරුව වැඩිකමටයි.

ආයේ නැගිටිද්දී මට දරාගන්න බැරි සීතලක් දැනුනා වගේ මතකයි. මට උණ හැදුනා කියන්නේ ලෝක නඩුවක්. Underworld එකම හොල්ලපු Amy ව මේ මෙල්ල කරන්න පුළුවන් වුන එකම දේ සහලෝලා හැදෙන උණ විතරයි 😣

ලාවට වගේ මට මතකයි මම සීතල නිසා කෙදිරි ගාගා පෙරව ගන්න දෙයක් හෙව්වා ඇස් දෙක අරින්නේවත් නැතුව මගේ වටේ අත ගාගා. එකපාරටම මට අහුවුනේ කාගේ දෝ මන්දා අතක්. හෙමින් සැරේ ඇස් දෙක ඇරලා බලද්දී දැක්කේ ඒ ටේහ්‍යොන්ගේ අත කියලා. ඉක්මනට අත ගසලා දාපු මම අනිත් පැත්තට හැරිලා ගුලි වුනා. මම සීතලෙන් ඉන්නේ කියලා තේරුම් ගත්ත නිසා ටේහ්‍යොන් එයා මට කලින් පෙරවලා තිබ්බ එයාගේ ජැකට් එක ආයේ මගේ ඇග වැහෙන්න පෙරෙව්වා.

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now