🖤 Part 13 🖤

1.1K 241 14
                                    

Kim Taehyung prove 🐯

මිනිස්සුන්ට ජිවිතේ එක එක අමාරු කාලවල් එනවා. මගේ ජිවිතේ ගොඩක් ම තිබ්බේ එහෙම දවස්. මම ඒ හැම කාලයක් ම මට පුළුවන් උපරිමෙන් විද දරා ගත්තා. ඒත් මේ දැන් මම මූණ දෙන අමාරු කාලයට මම කොහොමද මූණ දෙන්න ඕනේ කියලා මට හිතා ගන්න බෑ ඇත්තටම. ඇයි ජිවිතේ මෙච්චර මිනිස්සුන්ට අමාරු වෙන්නේ 💔😣 ජිවිතේ පලවෙනි වතාවට ආදරයක් දැනුන එකම එක ඒ ඇස් දෙක අද මගේ අත් දෙක උඩ පිය වෙලා ජිවිතෙත් මරණෙත් අතර තනියම සටනක 😣💔 ඇයි...... ඇයි ??? බලන්න ඉන්න අමාරු මෙච්චර  අමාරු ප්‍රශ්න ම ජිවිතේට ලං කරන්නේ ඇයි දෙයියනේ 💔

වැදුන පිහි පාර නිසා eul ගොඩක් අමාරුවෙන් හිටියේ. මගේ මුළු ඇගම eul ගේ ලේ වලින් නෑවිලා තිබ්බේ. අර ජරා ගරාජ් එකෙන් එලියට ඇවිත් eul ව මේ විදිහට හොස්පිට්ල් එකකට එක්කන් යන්න පුළුවන් වුනේ ජිමිනායි ජි හූනුයි ඇවිත් උදව් කරපු නිසා. ඒත් ජි හූන් කලේ මම හීනෙකින්වත් බලාපොරොත්තු නොවුන තරමේ කැප කිරීමක්. අන්තිම මොහොත වෙනකන් එයා සටන් කලේ eul ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඇත්තටම මට ඒ කොල්ලාව තේරුම් ගන්න බෑ. එච්චර ආදරයක් eul වෙනුවෙන් හිතේ තියාගෙන ක්ලබ් වල ගිහින් වෙන කෙල්ලෝ එක්ක හිටියේ ඇයි එහෙනම් ??? මම eul ව අරන් යනකන් එයා බලන් හිටියේ ඇයි ??? එයාට තිබ්බා මාවත් එතැනදීම ඉවරයක් කරලා දාන්න. ඒත් එයා ඒ වෙනුවට කලේ මාව බේරපු එක. උඹ නම් මාරයි ජි හුන් 🥺❤️

Eul හිටියේ සිහිය නැති වෙලා. එයා ගොඩක් අවුල් ගියා ජි හුන් ට වෙච්ච දේ දැකලා. ඒ වගේම එයාගේ බඩෙන් ලේ ගලන එකෙත් සීමාවක් නෑ. ඇනුන පිහිපාර එයාගේ බඩේ ගැඹුරට ම වැදිලා කියලා මට තේරුණා. දැන්නම් මට බයයි. මේ හැමදේම හීනයක් වුනානම්...... එහෙනම් ඒ හීනෙන් ඇහැරෙද්දී මේ හැම දුකක්ම ඒ හීනේ එක්කම් මැකිලා යයි.

" ඉක්මනට යමු. චේබල් "

ජිමින්ලා ආපු වාහනේ නැගලා අපි හොස්පිට්ල් එකට යන ගමන් හිටියේ. ව්නාඩි පහලොවක ගමනින් පස්සේ අපි හොස්පිට්ල් එකට ආවා. වාහනෙන් බැස්ස මම eul ව හරහට වඩාගෙන හොස්පිට්ල් එකට ඇතුලට දිව්වා. මාව දැක්ක හොස්පිට්ල් එකේ ස්ටාෆ් එක eul ව ICU එකට අරගෙන ගියා. ICU එකේ දොර ගාව ඉදන් මම එහෙම්ම ම බිම ඉන්ද වුනේ ඊලගට මොනවා වෙයිද කියන දෙගිඩියාවෙන්.

You got the best of me ✨ [ Completed ] KTH FFDonde viven las historias. Descúbrelo ahora