🖤Part 12 🖤

1.1K 243 26
                                    

Han eul prove 🥀

මම හිටියේ ඇත්තටම හොදින් නෙමෙයි. පිටට පේන්න කිසි හිතක් පපුවක් නැති එකියක් වගේ හිටියට මෙච්චර කාලේකට ජිවිතේට ආදරේ කියන්නේ මොකක්ද කියලා දුන්න එකම එකම මනුස්සයාගේ ඔලුවට තුවක්කුව දික් කරන්න තරම් මම අසරණ වෙලයි ඒ වෙලාවේ හිටියේ. මගේ හිත ඇතුලෙන් කව්දෝ මන්දා කෑගහලා අඩනවා වගේ දැනුනේ පපුව මැද්දෙන් ලොකු වේදනාවක් දැනෙන ගමන්..... ඒ ඇස් තාමත් මාව විශ්වාස කරනවා කියලා හොදටම පෙනුනා. මම දන්නවා ටේහ්‍යොන් ඔයාට මේ වෙන දේවල් විශ්වාස කරන්න කිසිම වුවමනාවක් නෑ කියලා. මියානේ ඔයාගේ විශ්වාස කැඩුවාට. මං වගේ ආත්මාර්ථකාමි කෙල්ලෙක්ට කවදාවත් සමාවක් දෙන්න එපා 😔💔

" වහ්හ්හ් බලන්නකෝ ඒ දර්ශනේ 🤣 ඕහ්හ්හ් මම හොදටම බය වුනා. ඇත්තටම ඊලගට මොකක් වෙයිද??? අහ්හ්හ් "

අත්පුඩි ගහ ගහ හිනා වෙවී වෙවී ගරාජ් එක ඇතුලට ආවේ CEO Park. එයා ඇවිත් කෙලින්ම හිටගත්තේ මගෙයි ටේහ්‍යොන්ගෙයි මැද. තුවක්කුව පහල දාලා මම පැත්තකට වුනා.

" ඔහේ ??? "

ටේහ්‍යොන් ට යොං සෝගේ තාත්තාව අදුන ගන්න මහ වේලාවක් ගියේ නෑ.

" ඔව් කිම් ටේහ්‍යොන් මේ මම තමයි. තමුසේට පිස්සුවෙන් වගේ ආදරේ කරන ඒත් තමුසේ තඹ සතේකට ගණන් ගන්නේ නැති යොං සෝගේ ආබුජි"

CEO park එහෙම කිව්වේ ටේහ්‍යොන්ගේ කොන්ඩෙන් අල්ලලා  පස්සට කරන ගමන්.

" මොනවද තමුසේට ඕනේ කියනවා "

ටේහ්‍යොන් කෑගහලා කිව්වේ කිසිම බයක් නැතුව.

" මට මොනවද ඕනේ කියලා දැන්ද තමුසේට අහන්න හිතුනේ ??? මෝඩකම් නොකර මගේ කෙල්ලට දුකක් නොදී එකීට කැමැති වුනානම් මේ දේවල් මෙච්චර දුර දිග යන්නේ නෑ "

" හහ්හ්හ් 😏 අහ්හ් ඒකද මේ ??? ආදරේ කියන්නේ එහෙම බලෙන් ගන්නවත් දෙන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි කියලා මේ මහත්තයා දන්නේ නැතුව ඇති "

නක්කලේට හිනාවෙන ගමන් ටේහ්‍යොන් කිව්වේ මිස්ටර් පාක්ගේ ඇස් දිහා බලාගෙන....

" ආදරේ 🤣 ඔය මහ ලොකු ආදරේ ඔක්කොම සල්ලි ඉස්සරහ යටයි මිනිහෝ. මේ බලපන්. උඹ පිස්සුවෙන් ආදරේ කරපු ඒකීම උඹට වල කපපු ලස්සන 🤣 .............. මගේ හොද කෙල්ල "

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now