🖤Part 11 🖤

1.2K 229 20
                                    

Han eul prove 🥀

ආදරේ කියන්නේ මිනිසුන්ව ඇත්තටම ජිවත් කරවන්න පුළුවන් දෙයක් කියලා  අහලා තිබ්බාට මගේ ජිවිතේ මම මීට කලින් ආදරේ කියලා දෙයක් විදලා තිබ්බේ නෑ. අනාථයෙක් වුන මගේ ජිවිතේ හැමදාම තිබ්බේ තනිකමයි පාලුවයි විතරයි. ඒ තනිකම පාලුව එක්ක ජිවිතේ මම මෙච්චර කාලයක් ආවේ හිත ගලක් වගේ හයිය කරගෙන. ළමයෙක්ට තුවක්කුවක් ලැබෙන්න හොදම නැති වයසේදි මගේ අත උඩ තිබ්බ තුවක්කුවෙන් මගේ ඇතුලේ හිටපු බෝනික්කොත් එක්ක සෙල්ලම් කරන්න ආස, ලස්සන ලස්සන ඇදුම් ආයිත්තම් දාන්න ආස සාමාන්‍ය ගෑනු ළමයාව මට මරලා දාන්න සිද්ධ වුනා. අවුරුදු 23ක් යනකන් මට ඒ අහිංසක ගෑනු ළමයාට ආයේ පණ දෙන්න අවස්ථාවක් හම්බ වුනේ නෑ. ඒත් ජිවිතය කියන්නේ හරි පුදුම තැනක්. හීනේකින්වත් හිතපු නැති විදිහට ලං වෙච්ච කෙනෙක් මගේ ජිවිතේ උඩුයටිකුරු කරගෙන යනවා මට හිතා ගන්නවත් කාලයක් ඉතිරි නොකරම. ඒක හරි පුදුම දෙයක්. මට පුළුවන් වුනේ එයා කරන මේ පුදුම වැඩ දිහා ඇස් ලොකු කරන් බලන් ඉන්න විතරයි. එයා ඉස්සරහ මම හැමදාම ගොළුයි.

ටේහ්‍යොන් ටික ටික මම කලින් මරලා දාපු තාම බාහිර ලෝකේට පේන්න එන්න බයේ මගේ ඇතුලේ හැංගිලා ඉන්න අර සාමාන්‍ය කෙල්ලට එලියට එන්න උදව් කරනවා වගෙයි මට දැනෙන්නේ. ඇත්තටම එයා ඒක කරන්නේ හරීම සීරුවට. මට ඒ බව නොදැනෙන්න....... ටේහ්‍යොන් ඉස්සරහ මම ආයේ ඉපදුනා වගේ කියලා මට හැමතිස්සේම දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

මුළු හිතම ටේහ්‍යොන්ගෙන් පුරවගෙන මම ඇදෙන් බැස්සේ අදත් එයාගේ මූණ බලන්න යන්න හිතාගෙන. ඉක්මනට ලෑස්ති වෙලා මම ගෙයින් එලියට බහින්න හදනකොටම මගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා. මම හරි ආසාවෙන් ෆෝන් එක අතට ගත්තේ ඒ ටේහ්‍යොන් වෙන්න ඇති කියලා හිතාගෙන. ස්ක්‍රීන් එකේ තිබ්බේ මම ඒ වෙලාවේ බලාපොරොත්තු වුන කෙනෙක් නෙමෙයි.

" යොබ්සයෝ ඕ කියන්න Mr. Lee "

එහා පැත්තෙන් කතා කලේ රාගෝස් ගේ secretary Lee Min.

" amy ඔයා දැන්ම black house එකට එන්න ඕනේ. දැන්ම "

එහෙම කියලා mr. Lee ෆෝන් එක කට් කලේ මට මුකුත් අහන්නවත් කාලයක් නොදී. මේ හදිස්සියේ ම එන්න කියන්නේ ඇයි ??? කවදාවත් නැතුව මගේ හිතට බයක් දැනෙන්න පටන් ගත්තේ මට කරන්න දුන්න mission එක මතක් වුන නිසායි. 😣💔 ඇයි ඒ එයාම වුනේ ??? ඇයි දෙයියනේ 😔

You got the best of me ✨ [ Completed ] KTH FFWhere stories live. Discover now