Kim POV.......
ඔම්ම නැතුව මගෙ ජීවිතෙට ගොඩක් පාලුයි.ඔම්මා නැතුව මේ වෙනකොට මාසයක් විතර ඇති..අප්ප ත් අපි දෙන්නව පොඩි කාලෙම තනිකරල ගිහින් තිබුනා.ඉතින් මට මතක ඇති කාලෙ ඉදලම මගෙ ඔම්මයි අප්පයි දෙන්නම උනේ ඔම්මා තමා.ඉතින් එයාත් නැතුව මට මේ ලෝකෙ කියන්නෙ එකම එක හිස්තැනක් විතරයි.මට එයා නැති ගෙදර ජීවත් වෙන එක ගොඩක් අමාරු වුනා.seoul වල තිබ්බ ගෙදර විකුනලා මන් busan වලට ආවෙ එහෙදිවත් මගෙ හිත හදාගන්නයි.busan වල තියන ඉස්කෝලෙකට මන් apply කලා සතියකට කලින්..
ම්ම්..අද තමා මම අලුත් ඉස්කෝලෙට යන පලවෙනි දවස..ඉස්කොලෙට ඇතුල් වෙලා principal office එක තියන තැන guard කෙනෙක් ගෙන් අහගෙන ඉස්සරහට ඇවිදන් ගියා.හැමෝම මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මන් එයාලව ගනන් ගන්නෙ නැතුව දිගටම ඇවිදගෙන ගියා
ඒත් එක තැනකදි....
ඕනම ඉස්කෝලෙක ඉන්නවා පීඩිතයොත්. කොල්ලො කට්ටියක් කොල්ලෙක්ව ලොකර් එකකට තද කරන් ඉන්නවා.ඉතින් මේ වගේ දේවල් ඕනෙම ඉස්කෝලෙක වෙන්න පුලුවන්නෙ.ඉතින් මන් එතන මග හැරල ඉස්සරහට ගියා.ඒත් එතන හිටපු එක කොල්ලෙක් අර කොල්ලට කිව්ව දෙයක් නිසා..."ඔව් ඉතින් උබව බේර ගන්න උබෙ ඔම්මයි අප්පයිත් නෑනේ"
මන් හිතන්නත් කලින් මාව ආපහු හැරවුනා.මගෙ අත කෙලින්ම ගියෙ ඒක කියපු කොල්ලගෙ මූනට මගෙ පාර සැර වැඩි වුන නිසාද මන්දා ඒකව ඇදගෙන වැටුනා."දුවපන් තොපි ඔක්කොම" මට කැගැහුවා.ගුටි කාපු එකා මට ඇගිල්ලක් දික් කරලා "පස්සෙ බලාගමු" උගෙ යාලුවො ටිකත් එක්ක එතනින් යන්න ගියා. මන් ඊට පස්සෙ අර කබඩ් එක ලග වැටිලා හිටපු කොල්ලට නැගිටින්න උදව් වුනා.
එයාත් මගෙ වයසෙම විතර ඇති.කන්නාඩි දෙකක් දාගෙනත් හිටියා.මූන සුදුමැලි වෙලා.....කන්නඩියට යටින් ලස්සන ඇස් දෙකක් තිබ්බා....
"කුමාවෝ මාව එයාලගෙන් බේර ගත්තට"
එහෙම කියල handfree එකත් ආපහු හරියට ගහගෙන එහා පැත්තෙන් තිබ්බ කොරිඩෝව දිගේ ඇවිදගෙන ගියා.
මාත් මගෙ ඇදුම පිලිවලට හදාගන්න ගමන් principal office එක පැත්තට ඇවිදගෙන ගියා..........................................................................
කුමාවෝ=Thank you..Bye stay safe..ඊලග කොටසින් හම්බෙමු.
YOU ARE READING
crushed on him 😘
Non-Fictionඅලුතින් ම ගිය ඉස්කෝලෙදි මගෙ ඇස් නැවතුනේ එයා ලග..... 😊🍁 අලුතෙන් ආව කෙනාගෙ ඇස් දෙක ඇතුලෙ මාව අතරමන් උනා..😊🌷