.එක:- ඇයි මෙච්චර රැඟිල්ල!

1K 109 114
                                    


3rd person's POV

ඒ Baek Do High වල සාමාන්‍ය දවසක්. ටීචර් කෙනෙක් හිටියත් නැතත් හැමෝම කියවනවා. හැමෝට ම තියෙනවා මොනවමහරි ලෙල්ලක් දොඩවන්න. ඉතිං නිස්සද්ද පන්තියක් හොයාගන්න හරි අමාරුයි.

ඉන්ටවල් එකත් ආව. අර උගන්නන වෙලාවල්වල තිබ්බ කුනු කුනුව කන් අඩි පුපුරන මහා ගෝසාවක් උණේ නැතැයි තත්පරේකින්. ඉස්කෝලෙ ශිෂ්‍ය ගහනයෙන් 9/10ක් ම කැන්ටිමේ. එතන දිග.....................පෝළිමක් කෑම ගන්න. ඉතුරු 1/10 ඉස්කෝලෙ හැම තැන ම විසිරිලා. සමහර පොතේ ම ගැලුණු උන් library එකෙයි පන්තිවලයි. සමහර ප්‍රේම කුරුල්ලො 'හැංගුණු' ඒත් ඕනි එකෙක්ට පේන 'කොන්'වල. පුටුවෙන් ඇද්දත් ගැලවෙන් නැති ගානට පුටුවට ම ඇලුණු පන්තියෙ කොන් වෙලා ඉන්න ප්‍රාණීන් ඉන්ටෝල් එකෙත් එතනමයි. තවත් සමහරු මෙලෝ හේතුවක් නැතුව ඔහේ ඉබාගාතෙ යනව. එකී මෙකී නොකී සියලු ලෙසට ඒ ඉතුරු උන් උන්ගෙ ලෝකවල එක එක වැඩ.


...

එක පාරට ම කෙල්ලොන්ගෙ හෝ මොක්කුන්ගෙ හෝ කන් හීරිල යන "kyaaaaaaaaaa" ගෑවිල්ලක් සහ ජීවිතෙ එපා වෙච්චි ප්‍රජාවකින් "ohhhhhhhhhh" ගෑවිල්ලක් ඇහුණා. ඊළඟට අර "kyaa" සහ "ohh" ඒව එක්ක එකට තාලෙට නොගැළපෙන අඩි සද්ද හා පුටු මේසාදිය පෙරළෙන සද්ද රාශියක් එකට ඇහෙන්න ගත්තා. මේ ඔක්කොම නිසා අහම්බෙන් මේ සන්නිය දෙස බලන එකෙකුට සිය දිවි නසා ගැනීමට හිතෙන තරමේ මහා කැත ගෝසාවක් ඇති උණා.

එහෙත් මේ නිත්‍ය දින චරියාව නුපුරුදු එකෙක් මේ පාසලේ සිටියේ නැත. කැන්ටිමට යාබද ව තිබූ තණකොළ ගස් පවා එවාත් කැන්ටිමත් වෙන් කරන බිත්තියෙන් එහාට නැමී තිබුණි.

ඉතිම්, ඔබ දැනටමත් දන්නවා ඇති මේ අති මහත් නො වූ ව්‍යසනයට 

හේතුව....................ඔව්, හැමෝම දන්නවා.

ඒ, සෑම පාසලක ම පරිද්දෙන් පාසලෙ කැන්ටිමට එහි සිටින කඩවසම් playboysලා හෝ celebsලාගේ ආගමනයයි.

ඉතින්, Baek Doවල මේ පට්ටම දැරුවෙ Bangtan Boys කියාල නමක් ගහගත්තු සූටියට බෑන්ඩ් එකක් කරගෙන යන හැම දේට ම දක්ෂ කොල්ලො 7 දෙනෙක්. හැම දේට ම දක්ෂයි කිව්වට හැමෝ.....ම නෙවෙයි.. සමහරු ඉපදිලා තියෙන්නෙත් මොළයක් කියල දෙයක් නැතුව. ඊතිම් උන්ගෙ ඉගෙන ගැනිල්ල ගැන අපි කතා නොකර ඉමු.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now