.අට:- ඔප්පා..

189 33 61
                                    


Someone's POV

මං ගෙදර යද්දිත් Mi Jin ඇවිත් හිටියෙ. එයාට අද මෙහෙ ඔන්නිගෙන් ටියුෂන්නෙ. ඉස්සරනං මෙච්චර ඉක්මනට ආවෙ නෑ. ඒත් මාත් එක්ක එකතු වුණාට පස්සෙ දැන් ඉස්කෝලෙ ඇරිල ගෙදරවත් නොයා කෙළින් ම මෙහෙ එන්නෙ.

ඔන්නි එනකොට තව ටිකක් හවස් වෙනව. එයා එනකං ඉතිම් අපි දෙන්න හොඳ කයියක් දාන් ඉන්නව. මං කතා කරන්න පටන් ගත්ත.

"මේ, ඔයාගෙ ඔය ඔප්ප ව මට පෙන්නන්නකො අනේ. මට හරි ආසයි එයා ව බලන්න. කවදාවත් එක්කම් එන්නෙත් නෑ.."

"එයා මොකට ද ඉතිම් ඔයාට ඉන්නවනෙ හොඳ දීර්ඝ කාලීන කරස් එකක්. අනික ඔය කොහෙවත් යන කෙල්ලො බලන්න එයාට වෙලා නෑ. එයාට වැඩ තියනව.." මේකිට ඔප්පට තියන මෙව්ව එක බලහම්කො..

"කොහෙ ද යන කෙල්ලො? යකෝ මට ද තවුසෙ එහෙම කිව්වෙ ආ? කියපං බලන්න.."

"නෑ මේ මං එහෙම නමක් කිව්වෙ නෑනෙ. ඔයාට බාල්දිය දාගන්න ම ඕනි නං දාගත්තට කමකුත්  නෑ ඉටිම් ඔන්නී.." මෙයා බලන්නකො.

"අනේ මේ පලයන් බං යන්න. ඕකා මගෙ වයසෙම නන් මටවත් නැති තරං තියන වැඩේ මොකද් ද උට?"

"ඒම තමයි මගෙ ඔප්පා.."

"අනේ තියාගනිං ඔයාගෙ ඔප්පා.. මට එපා.."

"ඒත් ඉටිම් මං නං හිතන් හිටියෙ ඔයාට කවුරුත් නැහ්නං එයා ව ඔයාට දෙන්න.. හුම්ම්ම්.. මොනා කොරන්න ද ඉටිම් ඔයාට කවු ද ඉන්නවලුනේ.." 

"හඃ!  මට ඕනිත් නෑ.. මේ ඒක නෙමේ.."

*Ding Dong*

"කවු ද මේ වෙලාවෙ එන්නෙ?" බෙල් එකේ සද්දෙ ආපු පාර මං එහෙම කියල බැලුවෙ Mi Jin දිහා. එයත් දන්නෑ කියන්න උරිස් වැනුවා.

"දූ.. බලන්න කවු ද කියලා. මං නානව එන්න විදියක් නෑ.." ඔම්මටත් නාන්න මතක් වෙන්නෙ ඔය වගේ වෙලාවටමයි. මං Mi Jinට ඔහොම්ම ඉන්න කියල දොර අරින්න ගියා.

"ඔයා මොකෝ?" මට එහෙම කියවුණේ එතන හිටියෙ මං බලාපොරොත්තු නොවුණු ම මූණක් නිසා.


Jimin's POV

තියන තරන් ගට් එක එකතු කල්ල මං බෙල් එක ගහල දොර ඉස්සරහට වෙලා බලන් හිටියෙ Seo Ha නං දොර අරින්න එපා කියල හිත හිත.. ඒත් ඉටිම් කවද් ද මං කැමැති දෙයක් වුණේ..

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now