.හය:- Will S҉t҉a҉y҉ No More..

225 41 58
                                    


(⚠අවවාදයයි!⚠ : ඔබ දැන් සැරසෙන්නේ අතිසය බෝරිම් චැපියකට ඔබගේ වටිනා කාලය මිඩංගු කිරීමටයි. නමුත් යමක් සිදුවේ.😌✨. කියවීම නොකියවීම ඔහෙලගෙ කැමැත්තක්.)


Someone's POV 

මේ වෙලාවෙ මං ඉන්නෙ washroom එක ඇතුළෙ ඇඟේ හැලිච්ච iced coffee එක හෝද හෝද. මං ආයෙත් හිතුවෙ මොකද්දේ මොහොතකට කලින් උණේ කියල.

අර හොල්මන් ප්ලේස් එකට නේ ද මේ Jimin Ga Eunව ඇදන් යන්නෙ කියල තේරුණා ම පස්සෙන් යන එක නවත්තල අනිත් පැත්තට හැරිල යන්නත් මට නොහිතුණාමත් නෙමේ. ඒත් මොකද් ද සිද්ධ වෙන්නෙ කියල දැන ගන්නත් එපෑ. හදිස්සියෙවත් Ga Eunට මොකක්හරි උණොත් ඒම කියලත් හිතුණ. එයා මට උදව්ත් කළානෙ. මං ඒ වෙන කෙල්ලෙක් නං Jiminට ගහන්න යන්නෑ. ඒත් මේ Ga Eun නිසාමයි අතටත් ගැහුවෙ. එයා මාව ඒ වෙලේ තල්ලු කරල දැම්ම පාර නම් කවදාවත් නැතුව මට එයාව එපා වුණා. මගේ පිට කිස් කන්න ගත්ත යකඩ ලොකර්ස් ගොඩේ වැදිච්ච පාර. වැලමිට තුවාලත් උණා යතුරු කටක වැදිල. මාව තල්ලු කළා මදිවට කෑ ගැහුවත් එක්ක ආයෙ. Ga Eunටත් ඒකට කේන්ති ගිය බව පෙවුණා. ඒත් එයාට කරගන්න දෙයක් තිවුණෙ නෑ. එයා ගැන තරහක් නෑ.

පිට දිගේ ඇටකටු ඔක්කොමයි වැලමිටේ ලේ එන තුවාලෙයි දරුණුවට ම රිදෙන්න ගත්තත් ඊට වඩා මගෙ හිතයි රිදුණෙ. මට කඳුළු වැටෙන්න ගියත් කොහොමහරි තද කරගෙන එහෙම්ම ම එයාලගෙ පස්සෙන් ගියා. Jimin ඒ ජාතිය නෙමේ කියල මං දැනං හිටියත් ඒ හිටියෙ Ga Eun නිසා මට වැඩියමත් යන්න ඕනි වුණා.

මට එක පාට්ට හිතා ගන්න බැරි වුණා Ga Eun කිව්ව එක. එයා ලෙස්බියන්ලු. ඒක ටමා හැම වෙලේ ම Su Heeත් එක්ක එල්ලිලා උන්නෙ. මට ඒත් එහෙම තේරුණේ ම නෑනි. අති විසිස්ට රංගනයක්. හුම්ම්.

Jiminට අවුල් ගිහින් කියල දැක්ක ම නං පපුව හෝස් ගාල ගියා. එයා Ga Eunට ඇත්තට ම කැමතියි කියල මට තේරුණා කලින් ම. එයා ව මං කොච්චර නිරීක්සණය කොර්ල තියෙනෝ ද කියල තේරුණේ එතකොට. සැක්.

ඒත් ඒ දුකටත් වඩා මටත් හිතාගන්න බැරි හැටියට Ga Eunට ප්‍රශ්නයක් නොවුණු එක ගැන මට සතුටු හිතුණනෙ. මට ගොඩක් සතුටු හිතුණ එයයි Su Heeයි එකට ඉද්දි. මේක මාත් කාටවත් කියන්නෑ Ji Ahට ඇර. ඒක තමා මං Ga Eunට කරන ලොකු ම උදව්ව එයා නොදැන හරි. මට සතුටුයි මං දැන් කාටවත් ණය නෑනි. ඒත් ඇයි එහෙම Jimin ගැන තියන දුකට වඩා Ga Eun ගැන සතුට ලොකු වුණේ?

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now