.දෙක:- Miss. First Place.

393 87 83
                                    

Lee Ga Eun's POV

Oh my f*cking god! මට නං දරුණුවට ම එපා වෙලා සහ මල පැනල හිටියෙ. ඒ වැලහින්නි.. මොකද් ද ඒකිගෙ නම..?

ආ හරි! Kang Se Ra! අම්මප ඕකි තව දසමයක් හරි එහා ගියා නං මං ඩයිනමයිට් කරලක් ගහල පුපුරවා හරිනව සත්තයි. මටවත් තේරෙන් නෑ මං ඒ වෙලාවෙ ඒකිගෙ ඔය ඔක්කොම රැඟිලි බල බල කොහොම නං ඉවසුව ද කියල. ඇයි, ඇයි දෙයියනේ මට ම මේම මරාල පාත් වෙන්නෙ...!?

එතෝට අර හාදයා. ඌ අද හරි ම අසාමාන්‍ය ලෙස උදව් සහගත උණානෙ. මොනාහරි අමුතු දෙයක් කැවිලවත් ද? සාමාන්‍යයෙන් ඕකා ඔය මොකෙක්හරි සක්කරවට්ටමක් එක්ක flirt කර කර ඉන්නැද් දි කන ළඟින් පෙරහැරක් ගියත් දන්නෙ නැති එකා. ඒත් අද මට උදව් කළානෙ.. ඇයි ඒ....?

අස්නීපයක් වෙන්ටැ.

"ඇතුළට එන්න.."

හිතුවිලිවල කොච්චර නම් බැහැගෙන හිටිය ද කිව්වොත් staff room එක ළඟට එනකනුත් මං දන්නෑ.

මං ඇතුළ්ට ගිහින් Mrs. Shinට papers ටික දීල lunch time එකත් ඉවර වෙන්න යන එකේ ආයි හැරිල මයෙ පන්තියට එන්න ආවා.

ඊළඟට තියෙන්නෙ ගණං. මං ඔක්කොම homework ටිකයි graded assignment එකයි කරල තිබ්බෙ. අද පාන්දර 4.45යි ඒ ඔක්කොම කර්ල ඉවර වෙද්දි. මේ Mrs. Shinගෙ පන්තිය. එතෝට මං අර එයාට ගිහින් දුන්නෙ අපේ mid-year exam papers ටික. මේ මගෙ high school එකේ final year එක. Playboysලයි bullying මගුලයි ඇරුණහ ම දැනට නං ඉක්කෝලෙ එල මට. ඒත් ඉතිම් දැන් ඒ දේවල් හැම ඉස්කෝලෙක ම වගේ සාමන්‍ය දේවල් වෙලානෙ. ඒ නිසා හැමෝට ම වගේ ඒක හුරුයි.

පන්තියෙ හැමෝම වගේ බය වෙලා හිටියෙ ලකුණු හම්බෙන්න යන නිසා. මට ගණංවලට නං එච්චර ම අවුලක් නෑ ඒත්..................ලකුණු දෙනව කිව්ව ම බයයි ඒයි. අපි ලකුණු දෙනකං මරන්න ගෙනියන උන් වගේ බලාන හිටියෙ. ඒ අස්සෙ ටීච වෙන එකක් කියාපි.

"හරි. ලකුණු කියන්න කලින් මං කැමතියි පාඩම කරල ඉන්න."

"ගන්නකො homework ටික එළියට. ම්ම්! ඉක්මනට!" එයා අත්පුඩියක් ගැහුවා.

එතෝට තමා පන්තියෙ උන් අම්ම අප්ප මතක් වෙලා වටපිට බලන්න ගත්තෙ.

මොකද් ද වෙන්නෙ කියල තේරුම් ගන්න Mrs. Shinට වැඩි වෙලා ගියේ නෑ.

"මොක ද? කවුරුත් ම කළේ නැද් ද? Haishh jinjja..! ආයෙත්?"

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now