අනාගතයේ යම් දවසක්.. (EPILOGUE)

181 25 92
                                    

තම දිවියෙන් අර්ධ ශතකයක් ගෙවා නිමා කොට ජීවිතයේ සැඳෑ සමයට ළඟා වෙමින් සිටින් සෙයක පෙනුමැති යම් ප්‍රසිද්ධ කතක් රටේ ප්‍රසිද්ධ සඟරාවක සම්මුඛ සාකච්ඡාවක ප්‍රථම අර්ධය අවසන් කොට දැන් බලා සිටින්නෙ මාධ්‍යවේදිනිය මීළඟ ප්‍රශ්නයට යොමු වෙන තුරු.. රත් පැහැ සායකට සුදු පැහැ හැට්ටයකින් සැරසී කෙස් කෙටි ව කපා චාම් ලෙස උන් ඈ බැලූ බැල්මෙන් ම පෙනුණේ වැදගත් කාන්තාවක් ලෙස. දිවියේ දෙවෙනි දශකයේ අග භාගයේ යැයි පැවසිය හැකි තරුණ මාධ්‍යවේදිනිය ඇගේ ඊළඟ ප්‍රශ්නය යොමු කළා.

මාධ්‍යවේදිනී : ඔබ එක ම ආයතනේ රැකියාව කරන්න ගිය හැටිත් දෛවයේ සරදමක් වගේ නේ ද..?

කාන්තාව      : (සිනාසෙයි.) ඔහොව්.. එහෙම කියන්නත් පුළුවන්. මම.. පර්ෆියුමිස්ට් කෙනෙක් විදියට ඇතුළු වෙනකොට..., එයා එක්සෙකටිව් මැනේජර්., විධායක..කළමනාකරුවෙක් විදියට.. තමයි ආවෙ.

මාධ්‍යවේදිනී : එසේ පටන්ගත් ඔබ දෙපළ අද ඔබේ ම ආයතනයක් මෙහෙයවනව..

කාන්තාව      : ම්ම්හ්.. වෙලාවකට හැරිල බලද්දී.., මටත් ටිකක් පුදුමයි අපේ දියුණුව, අපේ ජීවිත ගැන..

කාන්තාව එසේ කියා තරුණ මාධ්‍යවේදිනියට ටිකක් ළඟට එන්නැ'යි ඉඟි කළා.

"මෙහ් මං ඔයාගෙ ඔම්මටවත් මේ ව කියල නෑ හරි ද.. ඒ නිසා මැගසින් දාල එහෙම අහුවෙන්නෑ.."

"හම්මටසිරි.. මොකද් ද ඒ මිසිසි පක් සෝ හා එයාගෙ බෙස්ට්ප්‍රෙන්තොස් ජි ආ ටවත් නොකිය මට කියන රහස ආ.." තරුණිය ඇසුවෙ කට කොනට නැගුණු සිනාවක් සමඟ. තම මවගේ මගේ ම යමින් ඇයත් වුණේ ජන මාධ්‍යවේදිනියක් ම යි. නමුත් රූපවාහිනියට නොවේ; රටේ ප්‍රමුඛ පෙළේ සඟරාවකට. 

"කියල එහෙම අහුවෙන්නෑ ඔම්මට හරි ය.. ඔහේ මයෙ හොඳ කෙල්ල නිසා මේ කියම්නෙ.."

"හම්නේ දෙයියනේ බලම්න මේ වැඩිහිටියෙක් පොඩි එකෙක්ට කියන දේවල්.. දුවෙක් උණා ම ඔම්මට හැමදේ ම කියන්නෝනි කියාල නෙමේත කියම්නෙ..?" ඈ වැඩිහිටි කාන්තාව දෙස බලන් මුහුණේ අත ගසාගත්තා.

"හනේ ඔහෙගෙ පොඩි මං කියන්නෑ.. ඔම්මගෙ ම දෝණියැන්ද නෙව ඉටිම්.."

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now