.එකොළහ:- තුයිති..☆

138 30 142
                                    


A/N

20/06/2021

චැපියක් දාල ඊළඟ එක දාම්නත් කලින් reads 700ක් වැදිල කියල දැක්කහ ම අන්ද මන්ද වී ගියා.. තැම්කිවු අලේ ඒයිලා

25/06/2021

Reads 800යි ඌයි! ආයිත් තෑම්කියූ❣️❣️❣️

😭💜️💜️💜


★★★


Seo Ha's POV

එක පාට්ට ම මොකෙද්දෝ ඇවිත් මගෙයි Jin Youngගෙයි අත් දෙක ලෙහල දැම්ම ම ඇත්තට ම අපි දෙන්න හොඳට ම පුදුම වුණා. අපි දෙන්න ම එක වර ම පිටිපස්ස හැරුණෙ කවු ද එහෙම කළේ කියල දැනගන්න. ඒත්,

එතන උන්නෙ මං හීනෙකින් තියා හීනයක් ඇතුළෙ හීනෙකින්වත් ඒ වෙලාවෙ දකින්න බලාපොරොත්තු උණ කෙනෙක් නෙමේ. කොම්පියුස් වෙච්චි ගමන කටෙන් වචනෙ එළියට පැන්නෙ සද්දෙ පිටවෙනකම් ඒක කිව්වයි කියල මටවත් නොතේරෙද්දි.

"Jimin.." මං එහෙම කියද්දි Jimin විතරක් නෙමේ Jin Youngත් මං දිහා බැලුවා.

"ඔයා... කවු ද? කොහොමද අඳුරන්නෙ?" Jin Young ඇහුවෙ නිකං සැකෙන් වාගෙ. ඔව් ඉතිම් සාධාරණයිනෙ. එකපාට්ට ම කොහෙන් ද ආපු එකෙක්  තමන්ගෙයි තමන්ගෙ කෙල්ලගෙයි අත් ලෙහල දැම්ම ම කාට ද ඌ ගැන ලාවට හරි සැකක් නොහිතෙම්නෙ.

මූත් අනේ මන්ද ඇත්තමයී.. අවුරුදු 6ක් තිස්සෙ දසමෙන් අරික්කාලක්වත් වෙනස් වෙලා නැද්ද කොහෙ ද..ඒ කාලෙත් එහෙමනෙ. මේ ලෝකෙ ඉවක් බවක් නෑ; අනික් උන් හිතනේව් අදාළත් නෑ; තමන්ට හිතිච්ච ඕන ඇවරියක් කළා, එච්චරයි. ඇත්තට ම මාත් මුට කැමති වෙලාටත් එහා පිස්සුත් වැටිල හිටියනෙ අම්මප..

(ඕටර් : ඇයි දැන් මොකෝ? අකැමැති ද?😏

Seo Ha : ටොට අදාළ නෑනෙ. පැත්තකට වෙලා ඉඳාම්..

ඕටර් : හා හරි හාකො ඒනං අපි පැත්තක ඉන්නංකො..😏)

අරූ කට ඇරියොත් පුදන කොට ම කාපි යකා කියල ඔක්කොම අනාගනී කියල ඉවෙන් වාගෙ තේරිච්චි හන්ද අනූනවයයි දසම නවයයි නවයෙන් මං උට කලින් කට ඇරිය.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now