.දහය:- පුංචි වැරදීම්..

152 31 140
                                    


Jimin's POV

අද ස්ටොක්හො(ල්)ම්වලට (ස්වීඩනයේ අගනුවර) උදේ ඉඳන් ම එක දිගට වැස්ස. පළාත ම අඳුරු  කරල දවස ම මූසලයි. අද සිකුරාද උණත් මං වැඩට ගියේ නැත්තෙ මේ මූසල ගතිය හින්ද ඇඟටත් අවුල් ගිය නිසා. ලෙඩ නිවාඩුවක් දැම්ම. කොහොමත් හෙට අනිද්ද ම ආයි කොරියා යනවනේ. අපෙ හල්මොනීට අසනීප වෙලා නිසා එන්න කියල තිබ්බේ. අප්පගෙ නං කල්පනාව එහෙම නවතින්න. මටත් ගාණක් නෑ ඉටිම්. නංගිත් exchange student කෙනෙක් විදියට එහෙ කොලේජ් එහෙකට ඇතුළු වෙලා එයාගෙ වැඩ ටික කරගනියි. 

මේ අවුරුදු හයකට කොච්චර දේවල් වෙනස් උණා ද කියල හිතන්නත් අමාරුයි. මගෙ finalsවල results ටිකක් මදි හන්ද කොලේජ් යාගන්න බැරි උණා මෙහෙන්වත්. කොහොමත් මට ඕකකට යන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඉක්මන්ට ම රස්සාවක් කරන්නයි ගාය තිබ්බෙ. ඒ නිසා අප්පගෙත් අනුදැනුම ඇතුව අවුරුදු තුනක් තිස්සෙ management courses දෙකක් ම කළා. තැන් කිහිපෙකට ඉල්ලුම් ක‍රල තේරුණ ඒවයින් වැඩියෙන් ම හිතට අල්ලපු තැන තමා දැන් වැඩ කරන්නෙ. ස්ටොක්හො(ල්)ම්වල Oriflame company එකේ. Top ම qualifications නැති නිසා supervisor කෙනෙක් විදියට ඇතුළට ගියත් හොඳට ම මහන්සි වෙලා බොක්කෙන් ම වැඩ කරපු නිසා තවත් අවුරුදු තුනක් හමාරක් යද්දි executive manager වෙනකං ඉස්සරහට යන්න පුළුවන් උණා. දැන් මගෙ සාක්කුවත් සනීපෙන් ඉන්නව.

ඒ හින්ද හැබැයි නිකං දැම් මේක දාල යන්නත් දුකයි වගේ. මං ඊයෙ තමා resignation letter එක භාර දුන්නෙ.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


 ●  𝓞 R I F L A M E  
 ── ꜱ ᴡ ᴇ ᴅ ᴇ ɴ ──

මේක Sweden based beauty and personal care products නිපදවන ආයතනයක්. ලෝකෙ පුරාම ප්‍රසිද්ධ‍‍ brand එකක්. ලංකාවෙ පවා පාවිච්චි කරනවා. ඔයාලත් මේක ගැන නං අහල, සමහරවිට පාවිච්චි කරල පවා ඇති. නොදන්න අයටයි කිව්වෙ.

 නොදන්න අයටයි කිව්වෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now