.හතර:- Sorry..

229 54 25
                                    


Someone's POV

දැන් ඉන්ටෝල්. මං හිතන්නෙ බොහෝ දුරට Jimin Ga Eunට විදින්න යයි.

"යා.. Seo Ha.."

"එහ්? මොකෝ?"

"යා.. තෞසෙ අදත් කන්නෙවත් නැතුව අරූ පස්සෙ දුවන්න ලෑස්ති වෙනව ඒම නෙමෙයි හරිය.. අම්මප ගියොත් නං අනිව උඹට සැනසීමෙ නං ඉන්න දෙන් නෑ පුතෝ හොඳේ.."

"ඇහැ! මොන වස්ත්‍රයක් ද කියෝන්නෙ?" මං හිනාවුණා. මං දන්නව මේක අංක එකේ ගොන් කණුවක් කියල. ඒත් මේ මොන එකක් ද? සැනසීමෙ ඉන්න දෙන් නැහ්? ඒ මොකක්හරි quote එකක් ද? නෑ නෑ. වෙන්න බෑ. මේකිගෙ කටින් quotes පිටවෙනව කියන්නෙ මේ පaතුවි තලයෙන් k-haters නැතිවෙනව වගේ වෙන්න බැරි දෙයක්. හෙහ්. මොකහරි..

"යමංකො අදත් එහෙනං. තේරෙයි එතෝට."

"හෑ..!? මොක ද බන් වෙලා තියෙන්නෙ ටොට?"

එයා උත්තරයක් දුන්නෑ. අපි cafeteria එකට ගියා. ගියා විතරයි දස බිම්බර මාර සේනාව වාගෙ සත්තු රංචුවක් අපෙ ඇඟට ම පතබෑවෙච්චි. තල්ලු උණ පාර මගෙ පිට ගිහිම් දඩං ගාල වැදුණ බිත්තියෙ. අලි මදිවට හරක් කියාල Ji Ah ගෑනිත් Kongගෙ නංගි වගේ ඇවිත් වැදුණෙ නැතැයි මගෙ ඉස්සරහින්.

"හාව්! අම්මහ්! ඒ-ඒක නං ර්ර්රිදුණහ්!!"

ආයිස්සම්ම! සනීපයි.

මං හිතන්නෙ මං වාස්ප වෙලා ගිහිම්.


හුම්ම්..


මේ වෙද්දි ඔවාල දන්නව ඇති මේ සන්නියට හේතුව.






එයැයිලගෙ ආගමනය.

උන්දැල ගිහිම් එයැයිලගෙ V.I.P. ආසනවල ඈඳි ගන්නකං සන්නිය නෙමේ නැවතුණේ. මං දැක්කෙ නං නෑ මොක ද මං පතරංග වස්තූන් දෙකකට මැදිවෙලා මිරිකිලානෙ හිටියෙ. ඒත් මගෙ තුන්වෙනි සංවේදනය අනුව මං ඒක හොඳට ම දන්නව. මං හිතන්නෙ දැන් මගෙ මේ ඇරිල තියෙන කටට රිංගන්න හදන මැස්සත් ඒ බව දන්නව. ඒක ඒ තරං ම සාමාන්‍යයි.

"වොආාාහ්-හහ්-ඔහ්-උහ්-හම්මොහ්-හමෝහ්-හ්හ්-හොහ්-හ්හ්හාහ්"

මං කෝමහරි මාගේ නොවටිනා වුව ද වටින ජීවිතය බේරගෙන පිස්සුවෙන් වගෙ oxyjin හොයන්න ගත්තා.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now