.හත:- ඕයි !

180 37 96
                                    


Someone's POV

අද නං.. මහ.. එපා ම කරපු දවසක්. මට කියල කිසි හොඳක් උන්නෑ. රාහු කාලෙන් ද මන්ද එළියට බැහැල තියෙන්නෙ. ජීවිතේ දුකකි.

අර සන්නිය මට එන්න කියල තිබ්බ වෙඩිමට ඇඳුං ගන්න. මේ එන ඉරිදා අපෙ ඔම්මගෙ ඔන්නිගෙ, ඒ කිව්වෙ අපේ ක්න්ඉමෝගෙ (ලොකු නැන්දා|අම්මා / අම්මගෙ සහෝදරියන්ට කියන්නෙ 'ඉමෝ' [imo] කියල. ලොකු සහෝදරී හඳුන්වන්න 'ක්න්ඉමෝ'[keunimo] කියනව.) දුවගෙ කසාදෙ කෙරෙනව. ඉටිම් ගෙදර ගිහින් ඇඳල බලද් දි අවුල් හිතුණොත් ආය ඒව මාරු කරන්නත් දවස් ඕනි නිසා අද, බ්‍රහස්පතින්දා ඇඳුම් ගන්න හිතන්න ඇති. අපෙ ඔම්මගෙ වැඩ කෝමත් පිළිවෙළයිනෙ. මං වගේ නෙමේ.

ඒත්! ආච්චිගෙ වස්ත්‍රයක් ගන්නෙ..! ඇයි බම් ! සංසාරෙ එපා වෙලා ගෙදරින් හොයන නිසා වනගත වෙන්නත් බැරි හන්ද ගිය ගමං ඇඳ බදන් නිදියන්න හිටියා ම වෙඩිමකට රෙද්දක් ගන්න එන්නලු.

මඟුල ! 

ඇයි මේ මිනිස්සු බඳිනවයි කියල අපි මේම වද විඳින්නෝන.? මං නං බඳින්නෑ මේ කපේ. මඟුල. කොහොමත් දැන් තිබ්බ කරස් එකත් නෑනෙ.

මං හැමදා ම මෙහෙමයි. හැමෝගෙ ම කතාවල අනු චරිතයක් විතරයි මම.. එයාලගෙ කතාවල අත් උදව්වට ආපු පැත්තකින් ඒ කතාවලට සෙට් වෙන එකෙක්.. මට කියල.. හරි කතාවක්.. අනේ මන්ද කවදාවත් තිබිල නෑ. කිසිම අසාමාන්‍ය හැකියාවක්වත් සල්ලියක්වත් අමුත්තක්වත් නැති ඔහේ දවස් ගෙවන එකෙක්.. හැමදා ම එක වගේ.. සමාර වෙලාවට ඔය අද වගේ විකාර වෙනව ඒත් අද වගේ ම ඒ වෙන එකෙක්ගෙ කතාවක අස්සෙන්. හුම්ම්හ්හ්.. මාත් ඔහේ ඉන්නව ඉටිම්.. Life goes on..

මං යනකොටත් සන්නිය ඇවිත් ඒකිගෙ පෝන් කට්ට ඔබ ඔබ හිටියෙ. මෙහෙමයි මං හරියට ම දැක්කෙ නෑ ඔබනව ද නැද් ද කියල කෝම හරි එක අතකින් අල්ලන් ඒක දිහා බලාගන හිටියෙ. මේ ළඟ දි, ඉස්සර ඉඳන් ඔය එකතු එකතු කරපු ඔක්කොම සල්ලි ටික ගෙනිහින් අයි පෝන් එකක් අරම් බලන්නෙපෑ සිය රට දේ සිරි සැප දේ කියාල ගත්ත මයෙ සුට්ටම් සම්සොන්ග් පොජ්ජට පෙන්නන ගෑස්! හහ්! හිතන්නැති මං ගණන් ගත්ත ය කියල. අහෝ ඩුකකි. ඉරකි. ටිටකි.

එයා ව දැක්ක ගමන් මට වඩා ඉස්සර වුණේ Ji Ah. දෙන්න ම එක ටයිප්. ඉටිම් මටත් වඩා Ji Ah ටමා එයා එක්ක සෙට්. උන් දෙන්න එක්කහු උණා ම ආයි මං උන්න ද මළා ද දන්නෑ.

STAY | PJM ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now