😍😍ANGEL😍😍

202 35 18
                                    

TAEHYUNG POV

ඒක නෙමේ එයා ඇත්තටම මෙතන ඉන්න කෙනෙක්ද නැත්තම් මේක හීනයක්ද?? මං මේක හීනයක්ද කියලා බලන්න මගේ අත චුට්ටක් කොනිත්ත ගත්තා....

ආ......ව්.....ඒක රිදුණා... ඒ කියන්නේ මං ඇහැරල ඉන්නේ...

මගේ බඩ ඇතුලෙන් සමනල්ලු පියාඹනවා වගේ මට දැනුනේ.... එයාට තාමත් මං ගැන ගානක් නෑ..අර චිමීත් එක්ක මොකකට හරි රණ්ඩු වෙනවා.

මං එයාලට කතා කරන්න තීරණය කලා.ඇයි අප්පා දැන් පලවෙනි ලෙක්චර් එකට වෙලාවත් හරි මේ දෙන්නා මෙතන තවත් රණ්ඩු වෙනවා...

🐯 - චිමී දැන් ඕක නවත්තන්නකෝ... පරක්කු වෙනවා.

JUNGKOOK POV

මම අර කොට ජීමිනත් එක්ක රණ්ඩුවක හිටියේ.... එකපාරට මට ඇහුණේ ගොඩක් ගැඹුරු හැබැයි එච්චර රලු නැති කටහඬක්.

චිමී දැන් ඕක නවත්තන්නකෝ.... පරක්කු වෙනවා...

කාටද අප්පා ඒ වගේ වොයිස් එකක් තියෙන්නේ... රාජකීය පවුලක කුමාරයෙක්ට තියෙන්න ඕන වොයිස් එකක්නේ. මං හැරිලා බලපුවාම දැක්කේ මගේ ඒන්ජල්ව විතරයි. එතකොට ඒ කටහඬ කාගෙද????? මගේ ඒන්ජල්ට නම් මේ වගේ කටහඬක් තියෙනවා කියලා මං හිතන්නේ නෑ... ඊට පස්සේ මේ කොටා ඒ කතා කරපු කෙනාට කතා කරා... කෝ යකෝ මට ඒන්ජල්ව ඇරෙන්න වෙන කාවවත් පේන්නේ නෑනේ...එතකොට මූ කාටද කතා කරන්නේ...

හරි තේතේ, අපි යන්කෝ....

කවුද යකෝ තේතේ???? ඒක නමක්ද??? මට නම් මේ තේතේ කියන නම අල්ලන්නේ නෑ වගේ....

මගේ ඒන්ජල් මං ගාවට ඇවිල්ලා මට අතට අත දුන්නා...

හායි මම තේහියුන්ග්, කිම් තේහියුන්ග්.

මොකා! එතකොට ඒ ඩීප් වොයිස් එක මගේ ඒන්ජල්ගේ... හයියෝ....එයාට මේ වගේ වොයිස් එකක් කීයටවත් ගැලපෙන්නේ නෑ... මං ආයෙමත් මේ ලෝකෙට ආවේ අර කොටා මගේ කන ගාව ඉඳන් කෑගහපු හින්දා.. අනේ මන්දා මෙහෙම මේ කොටා මගේ කන ගාව ඉඳන් කෑගහන්න ගියොත් මගේ කන් දෙක වැඩිකල් නොගිහින් මාරු කරන්න වෙනවා.

ඕයි....කුක්කෝ.................... මොන ලෝකෙද බං තෝ ඉන්නේ....

THIRD PERSON POV

TRAVEL TO PAST Where stories live. Discover now