🥰Yoongi🥰

45 4 0
                                    

No One POV

යුන්ගිව දැකලා හුස්ම හිරවෙන්න වගේ ආපු අපේ ජන්කුකා වීමින් ඩබලවත් එතන දාලා යුන්ගිවත් ඇදගෙන එතනින් ගියේ වීමින් ඩබල හොල්මන් වෙලා වගේ බලාගෙන ඉද්දි.

Meanwhile with VMIN

🐥 - මොකක්ද යකෝ ඒ වුණේ.

🐯 - අනේ මන්දා චිමියෝ. කුකී එයාව දන්නවද???

🐥 - කවුද බං දන්නේ. හැබැයි මොනා වුණත් ඒ කොල්ලා ඇඳන් හිටියේ රාජකීය ඇඳුම් වගේ දෙයක් නේද??? ආ....තව කඩුවකුත් තිබුණා. ඒක නම් ඇත්ත වගේ පෙනුනේ. අනේ මට ඒක අල්ලලා බලන්න තිබ්බා නම්.

කියව කියව හිටපු ජීමින් මේ ලෝකෙට ආවේ එයාගේ ඔලුවට වැදිච්ච පාරකුත් එක්ක.

🐥 - ආ......මොකද යකෝ ගහන්නේ.

🐯 - ගහන්නේ උබ බූත කියනවන හින්දා. යකෝ ඇත්ත කඩුවක් ඇල්ලුවත් කැපෙනවා. අනික ඒවා මාර බරයි...එහෙම ලේසියෙන් උස්සන්න බෑ.

🐥 - හරි හරි ඉතින්...මං කිව්වේ මට ඒක අල්ලලා බලන්න ඕන කියලා විතරනේ. මට ඒක අතට ගන්න ඕන නෑ.

🐯 - හරි හරි....දැන් අපි ඔය කඩුව ගැන කියවන එක නතර කරමු. අපි හොයාගන්න ඕන කුකීට අර කොල්ලත් එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද කියලා.😠😠😠😠😠

🐥 - ඔව් ඔව්. ඒක හොයාගන්න ඕන. ඒත් උබට ඔච්චරටම ඒක හොයන්න තියෙන උවමනාව මොකක්ද ?? මොකෝ කොල්ලට ඉරිසියා හිතුණද ආ......😂😂😂😂😂

🐯 - අනේ මේ මට ඇති ඉරිසියාවක් නෑ.😬😬😬😬😬😬😬😬

🐥 - ඒක හින්දා වෙන්න ඇති මෙතන මැරෙන්න හදන්නේ.

🐯 - යැයි යැයි තමා...

🐥 - ඒක නෙමේ උබට මතකද ඒ කොල්ලා ජන්කුක්ට කතා කලේ කොහොමද කියලා.

🐯 - කොහොමද??

🐥 - ඇයි මෝඩයෝ....ඒ කොල්ලා කිව්වේ මට සමාවෙන්න උතුමාණනි කියලා...

🐯 - ඉතින් ඒකෙන් මොකක්ද??

🐥 - අනේ ගොනෝ....කවුද හලෝ අද කාලේ උතුමාණනි කියන්නේ..අනික ඒ විදිහට කතා කලේ ඉස්සර රජවරුන්ගේ කාලෙනේ. අනික මං තව දෙයක් දැක්කා එයා ඇඳන් හිටියෙත් ඔයා මුලින්ම මෙහෙට ආපු දවසේ ඇඳන් හිටියා වගේ හන්බොක් එකක්.

You've reached the end of published parts.

⏰ Last updated: Mar 09 ⏰

Add this story to your Library to get notified about new parts!

TRAVEL TO PAST Where stories live. Discover now