😍FLASHBACK OF MEMORIES😍

230 28 11
                                    

ලමයි මේ චැප්ටර් එක යන්නේ තේවයි ජන්කුක්වයි එයාලගේ ඔම්මලා සෝල් වලට එව්වට පස්සේ රාජධානි දෙකේම සිද්ධ වෙන අතීත කතාව හරිද ????

KIM SOOHYUN POV

මම සිල්ලාවේ රජතුමා හැටියට උත්සවයට සහභාගී වෙලා මාලිගාවට ගියේ තේට මේ කරුණු පැහැදිලි කරන්න හිතාගෙන. ඒත් තේට ගොඩක් අමාරුයි වගේ පෙනිච්ච හින්දා මං කුටියට ගියේ හෙට උදේට එයාට මේවා පැහැදිලි කරලා දෙනවා කියලා හිතාගෙන. එහෙම හිතාගෙන කුටියට ගියත් මට තිබිච්ච මහන්සිය හින්දම ජීහියුන් එනකම් වත් ඉන්න බැරුව මට නින්ද ගියා.

MEANWHILE KIM JIHYUN POV

තේ යන්න ඇති කියලා මම හිතනවා. පරිස්සමින් ඉන්න පුතේ....

ඔයා මට දැන් වෛර කරනවා ඇති ගොඩක්. මට සමාවෙන්න.........

තේ ගිහිනුත් විනාඩි දහයක් විතරම එතන හිටපු මට මතක් වුනේ දැන් සෝහියුන් මාව හොයනවා ඇති කියලයි. ඒත් එක්කම මං ගොඩක් ඉක්මනින් අසු පිටින් නැවතත් මාලිගාවට ගියා. මම කුටියට යනකනුත් කිසිම සද්දයක් ඇහුණේ නෑ. ඒ නිහැඬියාව මට එච්චර සුබදායකයි කියල නම් හිතුන්නෑ.

ඒත් මං කුටියට ගිහින් දොර වහගත්තාමයි දැක්කේ සෝහියුන් ඇඳේ නිදාගෙන ඉන්නවා. සමහර විට මහන්සියටම නින්ද යන්න ඇති.

TIME SKIP TO NEXT MORNING
THIRD PERSON POV

සෝහියුන් ජීහියුන් දෙන්නම උදේ ඇහැරුණේ කලබල වෙච්ච සේවිකාවන්ගේ කටහඬින්.

රජතුමනි, රැජිනියනි.................

සෝහියුන් නැගිට්ට ගමන් දැක්කේ එයාගේ එහා පැත්තෙන් නිදන් එයා දිහා බලාගෙන ඉන්න ජීහියුන්ව.

රජතුමනි.................

රැජිනියනි, සුබ උදෑසනක්......

ඔබටත්............

ජීහියුන්...............

පවසන්න. සෝහියුන්, කුමක්ද ගැටලුව.

කුමක්ද මේ පිටතින් ඇසෙන කලබලය...

මාද නොදනී.......මා සේවිකාවන්ගෙන් විමසා බලන්නම්....

නැවතත්..........

රජතුමනි, රැජිනියනි......මා පැමිණෙන්නද ? හදිසි කාරණයක් ස්වාමීනි...

TRAVEL TO PAST Where stories live. Discover now