♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 01 ♡

290 19 0
                                    

"කට වහගනින්  උඹ මන් කවුරු කියලාද හිතන් ඉන්නෙ මන් උබේ තාත්තා .... මට කොහොමද ඔහොම කතා කරන්නේ මෙච්චර කල් මන් තමා බලා ගත්තෙ මොනවයින්ද අඩුවක් කරලා තියෙන්නේ සල්ලි වලින් ඇදුම් පැළදුම්, කන්න බොන්න උඹව මන් අවුරුදු 18 බලා ගත්තා හරියට ඇහැක් වගේ එහෙම කරපු මට ද ඔහොම කතා කරන්නේ ආහ්...."

" මොකක්....මොනවද තාත්තේ ඔයා මට කරලා තියෙන්නේ අම්මා මැරුණත් එක්ක ඔයා කිසිම දුකක් නැතුව තව කසාදයක් කර ගත්තා, අම්මා මැරෙන්න කලින් හැමදාම බීලා ඇවිල්ලා අම්මට ගැහුවා මට ගැහුවා අම්මගෙ සල්ලි වලට ඔයා එයාව කසාද බැද ගත්තා ඔයා කරේ එච්චරයි අම්මව මරා ගත්තු එකේ මාවත් මරල දාන්න නේ තිබේ.... ඇයි මාව තියා ගත්තෙ අම්මයි මමයි korea වල පාඩුවේ හිටියා අපිව Australia එක්කන් ඇවිල්ලා විනාස කරා අමු අපායක අපි ජිවත් උනේ තමුසෙට හොඳක් වෙන්නේ නැහැ ජරා මිනිහා"

" කට වහගනින් බැල්ලි "

එක පාරම රියාගේ කනට පහරක් වැදුණි.

" uncle එපා නවත්වන්න "

" ජේන් මෙකී ව කාමරේට එක්ක පලයන් මගේ දෑහට නොපෙනී. රියා උඹ එකක් දැන ගනින් ඔහොම නෙමේ උඹ කොහොම කිව්වත් උබට ජෝන්ව තමයී කසාද බඳින්න වෙන්නේ ඒක ස්ථිරයි "

රියාව එක්කන් යන්න කියලා ආපහු විස්කි වීදුරුවක් තොල ගාමින් ජෝන් සමග ඔහු පිටත් වුණි. වැදුණු කනේ පහර නිසා බිම ඇඳගෙන වැටුණු රියාව ජේන් ඇවිල්ලා කාමරයට එක්කන් ගියේ තවදුරටත් එතැන රියා හිටියොත් ප්‍රශ්නයක් වෙයි කියලා හිතලයි.

"-අනේ බේබි මන් කිව්වා නේ පාඩුවේ ඉන්න කියලා කවදා වෙනකන් මෙහෙම ගුටි කන්න ද මට දුකයි බේබි"

"ජේන් මන් ඉවසුවා ඒත් අද මගේ ඉවසීමේ සිමාව පැන්නා. මන් කවුරු කියලද හිතන් ඉන්නේ මට බැහැ බඳින්න මට තාම 18. එයාට මාව බැන්ඳුවම ලැබෙන සල්ලි underworld එකේ ලැබෙන තත්වය  නිසානේ මට කසාද බඳින්න කියලා බල කරන්නේ. ඒත් මම කැමැති නැහැ. මන් බඳින්නේ නැහැ එච්චරයි.

රියා එක්ක කතා කරගෙන හිටපු ජේන්ට පිටුපාලා කාමරය ඇතුලට ගොස් දොර වසාගන්නට විය.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now