♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 15♡

66 10 3
                                    

රියයි ,යූනයි දෙන්නම ටැක්සි එකේ නැගලා රියාගේ ගෙදර ගිහින් රියාව ඇරලවලා යූනා ගෙදර ගියා.රියා යුනිවසිටි එකෙ උන දේ ඉඳන් ජන්ග්කුක් නිසා එයා මුහුණ දීපු හැම සිද්දියක්ම ආච්චිට කිව්වා....

"හ්ම්ම් එ කියන්නෙ ඔයා මෙච්චර කල් මගෙන් හැම දෙයක්ම හැන්ගුවා නේ රියා ඇයි ඔයා එහෙම දෙයක් කරේ මට කියන්න තිබ්බා නේ දරුවෝ "

"අනේ එහෙම නැහැ ආච්චි මං බය උනා ආච්චිට කියන්න මොකද මං දන්නවා මට පොඩි දෙයක් උනත් ආච්චි කලබල වෙනව කියලා අන්න ඒ නිසයි මං කිව්වෙ නැත්තෙ "

ආච්චි :- දැන් වෙච්ච දේ වෙලා ඉවරයි ඔයා ලැස්ති වෙන්න අලුත් යුනිවසිටි එකකට යන්න මං මගේ ප්‍රයිවට් සෙකට්‍රි මිස්ටර් හන් ට කියන්නම් එයා අවශ්‍ය හැම දෙයක්ම සූදානම් කරල දෙයි ඔයාට

"අහ් මොකක් ,අනේ ආච්චි

"ඇයි 🤨"

"ආච්චි මේකයි මට බැහැ අලුත් යුනිවසිටි එකකට යන්න මොකද මං දන්නෙත් නැහැ මේ රටේ සමහරක් දේවල් ගැන දැන් තමයි හැම දෙයක් ගැනම ටික ටික දැන ගන්නෙ.මට හැම දෙයක්ම අලුත් . අනේ ආච්චි ප්ලීස් ප්ලීස්.......මට අලුත් යුනිවසිටි එකකට යන්න බැහැ මං පොරොන්දු වෙන්නම් මං මීට වඩා පරිස්සමෙන් වැඩ කරනවා කියලා"

රියා ඇයට හැකි පුලුවන් උපරිමයෙන්ම ඇයගේ මිත හට බැගෑපත් විය.රියාගේ ආච්චි රියා අසලට පැමින ඇගේ හිස අතගාන්නට විය.

"මේ අහන්න මගේ දරුවෝ ,මට බැහැ මගේ දුව වගේ මගේ මිනිපිරිවත් නැති කර ගන්න . අර එක මිනිහෙක් නිසා මගේ දුව මට නැති උනා මං අදටත් පසුතැවෙනවා මං කරපු දේ ගැන මට බැහැ ඔයාවත් නැති කරගෙන පසුතැවෙන්න "

"මට තේරෙනවා ,ඒත් මට ටික කාලයක් දෙන්න මේ හැම දෙයකටම පුරුදු වෙන්න.මට තව එක අවස්ථාවක් දෙන්න ප්ලීස් ප්ලීස් අනෙ 🥺🥺"

"හරි ,මං ඔයාට තව අවස්ථාවක් දෙන්නම් හැබයි එක දෙයක් තව මේ වගෙ මොකක් හරි දෙයක් උනොත් ඔයාට තවත් මේ වගේ අවස්ථාවක් නොලැබෙන බව"

"හරි ආච්චි"

"දැන් ඔයා ගිහිල්ලා ඇග හෝදගෙන එන්න,අහ් මේ ඒක නෙමේ කාගෙද ඔය කෝට් එක?"

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now