♡ℂ𝕙𝕒𝕡𝕥𝕖𝕣 04♡

88 11 0
                                    

Bell එකක් තියෙනවා ද බලමු මෙතැන ආහ් මේ තියෙන්නේ.......

ට්‍රිං ට්‍රිං........ "ගෙදර කවුද කවුරු හරි ඉන්නවා ද?? මේ ගෙදර මිනිස්සුන්ට Bell එක ගහන සද්දෙ වත් ඇහෙන්නේ නැද්ද බේල් එක press කර ගෙනම ඉන්න ඕනේ එතකොට ඇහෙයි නේ

ට්‍රිංං....... ට්‍රිංං........

Few moments later......🕑🕑

" ආආආආෂ් කවුද ඔය Bell එක උඩ ඉඳගෙන ඉන්නෙ "

එක පාරටම ලොකු ගේට්ටුව ලඟින් තිබ්බ පොඩි ගේට්ටුව ඇරගෙන ගැනු කෙනෙක් ඇවිත් කේන්තියෙන් රියා දිහා බලාගෙන හිටියා.

"ඇයි?? මොකද? මොකටද ආවේ? මොකක්ද හේතුව? කාව බලන්න ද ආවේ? කතා කරන්න බැරිද? කටේ පිට්ටු ද?"

එක දිගට ප්‍රශ්න වැලක් අහන් ගියපු නිසා රියා ට කතා කරන්නවත් ඉඩක් ලැබුණේ නැහැ ඉතින්. මහලු වියේ පසු වන ඇය සුදු හා කලු මිශ්‍ර බොකුටු කෙස් කළඹක් සහිත විය.

රියා :- "අහ් අන්යොන්....
ම... මන් ආවේ මේ ගෙදර අයිති කෙනාව බලන්න මට එයාව හම්බ වෙන්න පුළුවන් ද? මන් ගොඩක් දුර ඉඳන් ආවේ. එයා මාව දන්නවා අනේ මට එයාව හම්බ වෙන්න ඕනේ..

"මොකක් එහෙම කරන්න බැහැ , එහෙම හිතෙන හිතෙන වෙලාවට ඇවිල්ලා බලන්න බැහැ අපේ ලොකු නෝනාව දැන් වේලාව කීයද 7.30 කිට්ටුයි දැන් බැහැ බැහැ යන්න යන්න හෙට උදේට ඕනේ නම් එන්න

එසේ කියමින් එ මහලු කාන්තාව දොර වැසීමට ගියාය..

" අනේ අනේ එහෙම කරන්න එපා මන් කොහේ කියලා යන්න ද අනික මන් පිට කෙනෙක් නෙමේ මන් ඇවිල්ලා මන් මේ ගෙදර අයිතිකාරිගේ මිණිබිරි අනේ මට එහෙම කරන්න එපා, මට ඇතුලට යන්න දෙන්න අනේ please please

"මොකක් ? , අපේ... ලො.. ලොකු නෝනාගේ මිණිබිරි. "

" ඔව් ඔව් එ මන් තමයි.... අනේ මට එන්න දෙන්න"

" එන්න ඇතුළට එන්න කෝ දෙන්න ඔය bag එක මන් ගන්නම් එන්න එන්න ඇතුළට "

රියා ළඟ තිබ්බ bag ටික එ ගැනු කෙනා අරගෙන රියාවත් එක්කන් ගෙ ඇතුලට එක්කන් ගියා

" එන්න එන්න, ලොකු නෝනා ලොකු නෝනා අනේ බලන්න ලොකු නෝනා කවුද ඇවිත් ඉන්නේ කියලා බලන්න අනේ ලොකු නෝනා "

𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐭𝐢𝐥𝐥 𝐭𝐡𝐞 𝐞𝐧𝐝 Where stories live. Discover now