දින දෙකකට පසුව.......
හරි ලමයි දැන් ඔයාල දන්නවා නේ මෙන්න මේ විඳිහට තමයී ද්‍රව්‍ය බලා ඇදීම හරියටම කරන්නේ.... තේරුණා නේ
යූනා : තේරුණා තේරුණා මගුලක්
තේරුණාරියා : ඇයී? අවුල් ද අමාරු නැහැ නේ අනේ බලාගෙන අඳින්න
යූනා: ලේසිත් නැහැ අමාරුත් නැහැ ඒත් මට නිකන් බැහැ බැහැ වගේ නේ..
Excuse me sir... මෙතැන පාර්ක් රියා කියන්නේ කවුද? එයාට නම්ජුන් සර් ඉක්මනින්ම office එකට එන්න කිව්වා
Proffecer : ඔව්, පාර්ක් රියා කියන්නේ කවුද?
රියා : මන් සර්...
Proffecer : අහ්, යන්න ඔයා
රියා නැගිටලා ඒ ආපු මනුස්සයා එක්ක ගියේ මොකක්ද වෙන්න යන්නේ කියලා හිතා ගන්න බැරුවයි.
රියා pov : මොකක්ද වෙන්න යන්නේ ආපහු අර ප්‍රශ්නෙ ඇවිස්සිලාවත්ද... මොකක්ද මන් කියන්නේ මට මේකේ පැටලෙන්න ඕනේ නැහැ මන් නැහැ කියලා කියනවා.
"මේ ඔයා යන්න ඔහොමම ඇතුලට නම්ජුන් සර් බලන් ඉන්නවා ඇති"
රියා කොරිඩෝව දිගේ නම්ජුන්ගේ කාමරය තිබ්බ පැත්තට ගියා. කාමරය ළඟට ලං වෙන්න වෙන්න නම්ජුන් උස් හඬින් කාටහරි බනින සද්දයක් ඇසීමත් සමග රියාගේ හදවත තවත් වේගෙන් ගැහෙන්න ගත්තා.
"නම්ජුන් සර්.. මන් එන්න ද?"
"ඔව් එන්න "
සුගා : අඩෝ.... අන්න ඇවිල්ලා නේ දැන් මෙකී මොනවා කියයිද දන්නේ නැහැ ඇත්ත කිව්වොත් එහෙම ඉවරයි
ජන්කුක්: එකී කියනවා බං මට ෂුවර්. අපි එසේ මෙසේ කරදර නෙමේ නේ කරේ
ටේහ්‍යුන් : උබලා පාඩුවේ හිටියා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ නේ. දැන් බලපන් කොහෙවත් හිටපු මාවත් අහු වුණා.
රියා නම්ජුන්ගේ කාමරය ඇතුලට යනවාත් එක්කම දැක්කේ ජන්කුක් සහ එයාගෙ යාළුවෝ ටික පේලියට නම්ජුන්ගේ මේසය ඉස්සරහට වෙලා හිටගෙන ඉන්න විදිහයි.
නම්ජුන් : හරි, අද ප්‍රශ්නෙ විසදන්න පුළුවන්. මට ආරංචි වුණා මෙයාලා කරපු තවත් නොහොබිනා වැඩක් ඔක්කොම කිව්වා මට ඩොක්ටර්. ඇයි තමුන්ලා මෙහෙම? යුන්ගි තමුන් මගේ මල්ලී කියලා කියන්නත් මට ලැජ්ජයි. මන් ඩැඩීට මේ ගැන කියනවා කොහොමත් ජන්කුක් මන් තමුන්ගේ තාත්තාවත් දැනුවත් කරා. ඔක්කොමලාට අද ලැබෙයි. මන් මේ ප්‍රශ්නෙ මෙතැනින් අතහරින්නේ නැහැ