🖤Chapter 11🖤

829 152 36
                                    

කලින් කොටසෙන් සූට්ටක්

එහෙම කියපු ටේ කුකීගෙ නලල සිපගෙන දෙන්නත් එක්කම කැන්ටින් එක පැත්තට ගියා........ඒත් ටේගෙ හිතේ තවත් ලොකුම ලොකු ප්‍රශ්නයක් කැර කෙන්න ගත්තා..........

........................................................................

දෙන්නම කැන්ටින් එක පැත්තට යනකොට කුකී දැක්කා ජිමින් ඔහේ බලාගත්තු අත බලාගෙන කල්පනා සාගරේක ගිලිලා ඉන්නවා.........

" හියුන්ග්........."

" ම්ම්.........."

" අර.......අර බලන්නකො ජිමින් හියුන්ග්......."

" ඉතින්........"

" පව් අනේ එයා......අපි එයා ගාවින් ගිහින් ඉද ගමුකො......මන් නිසා එයා දුකින් ඉන්නෙ....."

" ඕනෙ නෑ.......එයා ඔයාට බැන්නානෙ කිසිම දෙයක් හරියට දැන ගන්නෙ නැතුව.....ඒ නිසා එයා ඇවිත් ඔයාගෙන් සමාව ගත්තාවෙ....."

" අනේ හියුන්ග්.....එයා මට බැන්නෙ ඔයා ගැන බය හිතිලා....එයා ඔයාගෙ හොද යාලුවෙක්......එයා ඔයා ගැන හිතනවා.....එයාට අපි සමාව දෙමු හියුන්ග්......ප්ලීස් 🥺........"

" අනේ මන්දා......මම ඕකව ගෙදර ගිහින් අල්ලගන්නම්කො........"

" මේ...මේ...එයාට මුකුත් කරන්න එපා...මම යනෝ එයා ගාවට....ඔයා තනියම ඉන්නකො......"

" කු...කුකී.......ඉන්න......"

ටේ කියලා කට ගන්න කලින් කුකී හිටියෙ කෙලින්ම ජිමින් හිටපු තැන මේසේ ගාව.........ඉතින් ටේත් මූනෙ කිසි හිනාවක් නැතුව ගිහින් එතනින් වාඩි උනා.....ජිමින් නිකන් හොල්මනක් දැක්කා වගේ දෙන්නා දිහා බලන් හිටියා....කුකීගෙ මූනෙනම් ලස්සනම ලස්සන හිනාවක් ඇදිලා තිබ්බා......ජිමින්ට පුදුමයි.....මොකද අච්චර නරක විදිහට බැනලත් කුකී එයාට හිනා උන එකට........

🐰 හියුන්ග්......මොකද තනියම කරන්නෙ...

🐥 ............

ජිමින් තාම කට ඇරන් බලන් ඉන්නවා.කුකීගෙ අහපු දේට මොනා කියා ගන්න කියලා හිතාගන්න බැරුව...

🖤❤️To The Dark Side❤️🖤[completed]Where stories live. Discover now